අද උදේ 8.15 ට විතර මගේ ජංගම දුරකථනය නාද වුනා.ඒක ඉතිං සාමාන්‍යය දෙයක් කියලා කෂ්ටිය කියයි.ඒක ඇත්ත.ඒත් මම ඒ වෙනකොටත් හොදට දොයියන් හිටියේ.ඇත්තම කියනව නම් සිහින සාගරේ කිමිද කිමිද හිටියේ.එක පාරට තඩි මොරෙක් ඇවිත් කන්න පැන්න වගේ ‍ජංගම දුරකථනයේ නාදය ඇහුණේ.අපරාදේ සිහිනේ හොදම කොටස.ෂික් විතරක්.

කවුද මේ දුෂ්ඨයා කියල බැලුවා.හෆොයි...!!!

මෝරා කෑවනම් හොදයි කියලා හිතුනා කෙනා දැක්කහම.මගේ යාළු බුවෙක්.බුවා හොදයි ඒත් මොකක් හරි දෙයක් කිව්වහම දහපාරක්වත් කියන්න ඕනි.
අදත් ඒකගේ පරිගණකයේ මොකක් හරි පිස්සුවක් කරන්ඇති‍.ඉතින් ඔන්න ඕන එකක් කියලා මම පිළිතුරු දුන්නා.

හෆෝයි...මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල මෙයා කියාගෙන කියාගෙන ගියා.නිදිමතේ හිටපු මට කරකවලා අතෑරිය වගේ‍.

ඒකා කථා කලේ වෙනද වගේම එයාගේ පරිගණකයේ විකාරයක් කරන්.ප්‍රශ්නේ ලොකු දෙයක් නෙවේ.පොඩිම පොඩි දෙයක් වෙලා තියෙන්නේ.වැඩිය නෙවේ පස් පාරක් විතර කියාදීලා ප්‍රශ්නේ විසදල දුන්නා.

මම මේක දාන්න හිතුවේ දැනට මේ ප්‍රශ්නේ මගෙන් යාළුවන් විස්සක් විතර අහල තියෙන හන්දයි.ඉතිං හිතුනා අපේ කෂ්ටියටත් මේ ප්‍රශ්නේ තියෙනම් විසදගන්න කියලා පොඩි දෙයක් වුනත් බ්ලොග් එකට දාන්න.හැබැයි දන්න කෂ්ටියත් ගොඩක් ඇති.ඒකට කමක් නෑ.

ඔන්න ඔය පහළ පිංතූරේ තියෙනනේ ප්‍රශ්නේ තමයි.


සාමාන්‍යයෙන් desktop එකේ Icons දක්නට ලැබෙන්නේ මෙහෙමනේ.


මෙහෙම වෙන්නේ Desktop Icons' Transparent effect එක යොදල නැති වුනහම.වැඩ කරගන්න අවුලක් නෑ.ඒත් ඉතිං කැතයි වගේ.Desktop එකේ ලස්සන බල බලා ඉන්න අයට තමයි ලොකුම අවුල වෙන්නේ.මොකද දාල තියෙන Desktop wallpaper හරියට එක පේන්නැනේ.

ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි.සරළයි.හැබැයි පුදුම නෑ.
My Computer icon එක Right Click කරලා "System Properties" යන්න.දැන් විවෘත වු කවුළුවෙහි "Advanced" කියන ටැබය වෙත යන්න.



දැන් එහි "Performance" යනුවෙන් ඇති කොටසේ "Settings" යනුවෙන් ඇති button එක ක්ලික් කරන්න.



එවිට ලැබෙන කවුළුවෙහි "Visual Effects" ටැබය වෙත යන්න.




දැන් එහි පහළ ඇති check Box menu එකෙහි අන්තිම සිට දෙවෙනියට ඇති , එනම් "Use Drop shadow for icon labels on the desktop" යන්නෙන් ඇති Check Box එක ටික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.




එහෙමත් නැතිනම් "Visual Effects" ටැබයට ගිය පසු එහි ඉහළම ඇති , එනම් "Let windows choose what's best for my computer" යන්නේ ඇති Radio Button එක ක්ලික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.



දැන් බලන්න හරිද කියලා....හරි නේද?ඔන්න ඒකත් එහෙනම් විසදල දුන්නා.

එහෙනම් දැනට නවතින්නම්.

මේ...ඔන්න අමතක නොකර අදහස් පල කරන්න හොදේ...

Firefox මගින් sites' passwords hack කරමු...


කෂ්ටියට තවත් අලුත් දෙයක් කියාදෙන්නම්කෝ ඉතිං.මේක වැදගත් තමන්ගේ පරිගණකයේ web browser එක ‍Firefox භාවිතාකරන අයටයි.අහ්.. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ "Firefox මගින් sites' passwords hack කරමු".අම්මෝ කෂ්ටියගේ හිනාව.... hack කීවොත් වෙනදෙයක් නෑ.
ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ.
අපෝ මුණ ඇඹුල් කරගත්ත නේද ඒපාර කෂ්ටිය.මේ post එක කියවපුවහම තේරෙයි මොකක්ද කරන්නේ කියලා.මම හිතනවා මෙමගින් වෙන කෙනෙක්ට අපේ කෂ්ටිය හානියක් නොකරයි කියලා.ඒ කොච්චර වුනත් මේකට විසදුමත් දෙනවා මම.

දැන් කොච්චර කියෙව්වද?වැඩියි වගේ.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.

ඉස්සෙල්ලම Firefox විවෘත කරලා එහි "මෙවලම්" යන්න.අහ් හෝව් හෝව් Sinhala Firefox නෙවෙයිද තියෙන්නේ?ඒකනේ සිංහලෙන් කීවේ Sinhala Firefox දාගන්න කියලා.හරි හරි ඒක අවුලක් නෑ.මම "මෙවලම්" කීවේ "Tools" වල‍ට.දැන් එහි "විකල්ප" නොහොත් "Options" යන්න.එවිට පහත පරිදි කවුළුවක් විවෘත වේවී.


(රුප පැහැදිලි නැතිනම් රූපය මත ක්ලික් කර විශාල කරගන්න)




දැන් එහි ඇති "ආරක්ෂණය" නැතිනම් "Security" ටැබය වෙත යන්න.



දැන් එහි "රහස්පදය" නැතිනම් "Passwords" කොටසේ ඇති "සුරැකූ රහස්පද" නොහොත් "Saved Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක ඔබේ පරිගණකයේ පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි සහ ඊට අදාල පරිශීලක නාමයන් ලැයිස්තුවක් ලැබේ.






දැන් එම කවුළුවේ පහළ ඇති "රහස් පද පෙන්වන්න" නැතිනම් "Show Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි ඊට අදාල පරිශීලක නාමයන් හා රහස් වදන් ලැයිස්තුව ලැබේ.



දැන් කොහොමද වැඩේ...???නියමයි නේද??
hack කලාවගේ තමයි නේද? හෆෝයි කෂ්ටියගේ හිනාව...
මල් 7.

හා හා හිනාවුණා වගේ නෙවෙයි ඉතිං ඕක නවත්වන්න මොනව හරි කරන්න ඕනි නේද?හ්ම්..ඒකත් කියන්නම්කෝ.ක්‍රම දෙක
ක් තියෙනවා වැ‍ඩේට.

එකක් තමයි අපි passwords save නොකර සිටීම.හැබැයි ඉතිං ඒක එතරම් ප්‍රායෝගික නෑ කියලයි මට හිතෙන්නේ.මොකද එකම site එකට දහපාරක් ලොග් වුනොත් ඒ හැම සැරේකම පරිශීලක පදය හා රහස්වදන ඇතුළත් කරන්න වෙනවා‍.ඒක මහ වදයක් වෙනවා අන්තිමට.
අනිත් එක මතක තියාගන්නවා කියලා කීයක් මතක තියාගන්නද?මම දන්නවනේ ඉතිං අපේ කෂ්ටියගේ මතක ශක්තිය ගැන.

එතකොට දෙවෙනි ක්‍රමය තමා Firefox මගින්ම සලසා ඇති පහසුකම.ඒ තමා "සුරැකූ රහස්පද" නැතිනම් "Saved Passwords" යන කවුළුවට ඇතුලුවීමට නොහැකිවන සේ පොදු රහස්වදනක් යෙදීමයි.ඒක කරන්නේ මෙහෙමයි.

පහත දැක්වෙන පරිදි, අප මුලින් සිටි "විකල්ප" කවුළුවෙහි "රහස්පදය" යන්නෙහිම ඇති "ප්‍රධාන රහස්පදය භාවිතා කරන්න" (Use a master password) යන්නට ටික් එකක් දමන්න.එවිට පහත කවුළුව දක්නට ලැබේවි.






එයට ඔබ කැමති ආකාරයේ රහස්වදනක් යෙදිය හැකිය.නමුත් ඔවුන් රහස්පදයේ ගුණාත්මක බව ඉහළ බව දක්වන්නේ ඔබේ රහස්පදයට අකුරු මෙන්ම ඉලක්කම්ද යොදාගෙන ඇතිනම් පමණි.
උදා: 8hp1rs8l3dfe4
(ඕක මගේ රහස්වදන නෙවේ හොදද.මම නිකන් ටයිප් කලේ)

ඔන්න දැන් වැඩේ හොදද?කරල බලන්න.

කාටවත් අපහසුතාවක් වෙන විදිහට වැඩ කරන්න එපා මේක දැනගත්ත කියලා.කෂ්ටිය එහෙම වැරදි විදිහට මේක භාවිතා නොකරයි කියල විශ්වාස කරල තමයි මම මේක කීවේ ඔන්න.හොද නරක කියන්න අමතක කරන්න එපා හොදද....


ඉතිං කෂ්ටිය කොහොමද???
අද මම දෙන්න යන්නේ XP පාවිච්චිකරන අයට පුංචිම පුංචි ගැජට් එකක්.නම තමයි "Visual Task Tips".හෆෝයි බයවුණාද නමට?නම ලොකු වුනාට මෙයා පොඩිම පොඩ්ඩෙක්.

මේ ගැන Vista හා W7 භාවිතාකරන අයනම් දන්නවා.මොකද මේ පහසුකම Vista හා W7 වල අන්තර්ගත වෙලාම තියෙනවා.මේමගින් අපේ පරිගණකයේ Task Bar එක මත විවෘතව ඇති Programmes මතට mouse cursor එක ගෙනගිය විට එහි කුඩා thumbnail preview එකක් බලාගන්න පුළුවන්.පොඩි වුනත් නරක නෑ නේද?



මේ විදිහට තමයි වැඩ කරන්නේ....


ඉතිං මේක කෂ්ටියගේ එදිනෙදා පරිගණකයේ වැඩ කටයුතු වලදි පහසුවක් වෙවි කියල හිතෙනවා‍.හොදද නරකද කියලා කියන්න අමතක කරන්නෙපා....


බාගන්න මෙතන කොටන්න.

අහ් කෂ්ටිය කොහොමද ඉතිං...???‍ගොඩ දවසකින් නේද..???දකින්නත් ආසයි කෂ්ටිය.අද ඉදන් ආයෙත් ඉස්සර වගේම බ්ලොග් ලියන්න අවකාශය ලැබෙයි කියලා හිතනවා.කෂ්ටිය දන්නවනේ ඉතිං "ඉ-නැණ පියස" කියන්නේ තාක්ෂණික දේවල් පිළිබද තොරතුරු විතරක් ඉදිරිපත්කරන සිංහල බ්ලොග් එකක් කියලා.නමුත් ඉතිං සමාජයට වැදගත් කාලීන දැනුවත් කිරීමක් වෙනුවෙන් කාලය වෙන්කිරීමට "ඉ-නැණ පියස" කිසිවිටෙකවත් පසුබට වෙන්නෑ කියල සතුටින් මතක්කරනවා.

ඉතිං අද මම කරන්න යන්නේ ඒ වගේ දැනුවත් කිරීමක් ගැනයි.හෝව්...!!! හොව්...!!! කෂ්ටිය වැඩක් නෑ කියල යන්න නේද හදන්නේ..??පොඩ්ඩක් ඉන්න.ඇත්ත මම කියන්න යන්නේ මේ දවස්වල හුගක් ඇහෙන දෙයක් ගැන තමා.ඒත් ඒගැන කෂ්ටිය වැඩිය නොහිතනකම හන්ද දැනට සිදුවී ඇති ජීවිත හානිය සුලුපටු නොවේ.ඒ තමා දැනට 170ක් පමණ මිනිස් ජීවිත බිළිගෙන තවත් 14,000ක් පමණ රෝගීන්කරපු "ඩෙංගු උණ" ගැන.




මම කෂ්ටියට ඩෙංගු වලින් බේරෙන්න ඕනි විදිහ කියන්නෑ.ඒක ඕනි කෙනෙක්ගෙන් ඇහුවෙත් කියයි.නමුත් ප්‍රශ්නය තියෙන්නේ එච්චර දැන දැනත් මෙවන් තත්වයක් උදාවුනේ කොහොමද කියන එකයි.මම දකින විදිහට මේකට හේතුව අපි කරන්න ඕනි දේ දැනසිටියත් ඒ දේ ප්‍රායෝගිකව නොකිරීම වගේම අපේ නොසැලකිලිමත්කම තමයි.ඇයි අපිට අපි වෙනුවෙන්, අපි ආදරේ කරන අය වෙනුවෙන් වත් හිතල තමන්ගේ කාලයෙන් විනාඩි 30ක් දවසකට වෙන්කරන් අපේ වත්තේ ඩෙංගු මදුරුවන් බො‍වෙන ස්ථාන විනාශ කරන්න බැරි? PHI මහත්වරු එන දවසට විතරක් දඩෙන් ඇග බේරාගැනීමට වත්ත සුද්ද පවිත්‍ර කිරීම තරම් පහත් ක්‍රීයාවක්වෙන නැත.ඇයි හිතන්න බැරි මේ පොඩි වැඩේ හැමෝම හරියට සිදුකළොත් අපේ ජීවිතමයි රැකෙන්නේ කියලා?

ඒ වගේම වට පිටාව සොදිසි කරනවිටත් සැලකිල්ලෙන් කරන්න.මේ බලන්න කෂ්ටියට මගහැරුනු තැනක්.ඔබටත් මේවගේ මග හැරෙන්න පුලුවන්.හොදට බලන්න...





මොකද හිතෙන්නේ?මම ඕක වීඩියෝ කරගත්තේ මගේ යාලුවෙක්ගේ ගෙවත්තේ ළගදි කපල දමපු ගසක මුල් කොටසකින්.හිතුනා මේක රටටම පෙන්වන්න ඇතිනම් කොයිතරම් වැදගත් වෙයිද කියලා.

මම ගොඩක් කියන්නෑ.කෂ්ටිය බුද්ධිමත් කියල දන්නවා.වැරැද්ද වැරැද්දක් විදිහට දැකල අපි මේ ව්‍යසනයෙන් ගොඩඑමු.කොටියා මෙල්ල කරපු අපිට මදුරුවා මොකක්ද නේද?කෂ්ටිය අද ඉදන්ම වැඩේ හරියට කරමු.එහෙම හොදයිනේ?

ඩෙංගු වලින් බේරෙන විදිහ දැනගන්න ඕනි මෙන්න හොද පොතක්.කියවල බලන්න.ඕක මට ඉ-මේල් කරල තිබුනේ NEA (National Environment Agency) එකෙන්.මම NEA එකට ස්තූති වන්ත වෙනවා මේ PDF එක එව්වට.

Guidelines Prevention of Mosquito Breeding


ඔය පොත ඕනිම නම් බාගන්න මෙතන කොටන්න.
මේ ඔය PDF එක බාගෙන ඔබ විතරක් කියවලා පැත්තකට දාන්න එපා.ඔබේ හිතවතෙකුට නෑදෑයෙක්ට ඕනිම කෙනෙක්ට කියවන්න දෙන්න, මේල් කරන්න.
ඩෙංගු ගැන වැඩි විස්තර ඕනිම නම් මෙතන කොටන්න.

ඉතිං අවසාන වශයෙනුත් මම ඉල්ලන්නේ මේක තමන්ගේ රාජකාරියක් නැතිනම් යුතුකමක් වශයෙන් හරි හිතල සැලකිලිමත්ව ඔබේ පරිසරයේ මදුරුවන් බෝවෙන ස්ථාන විනාශකරන්න.

කෂ්ටියට ලගදි මුකුත් තෑග්ගක් එහෙම නොදුන්න නිසා තරහ වෙලාද මන්ද?ආ කමක් නෑ මේ තෑග්ග අරන් බලන්නකෝ හොදද නරකද කියලා...;)

මේකත් VB Script තෑග්ගක් තමයි.:)) ‍හෆොයි මුණේ හිනාව.බලන්න අසාවේ බෑ.හා හා කමක් නෑ.මේකේ කෝඩ් එක ටිකක් දිගයි.දිග වගේම තමා වැඩෙත්.කරලම බලන්න ඕනී.හැබැයි සංස්කරණය නොකරම වැඩේ බැලුවනම් තමයි හොද.බය වෙන්න එපා ඔයාලගේ කෙම්පුටර් වලට හානියක් වෙන්නෑ කියල වෙනදා වගේම පොරොන්දු වෙනවා.එහෙම දේවල් අපි කවදාවත් ඔයාලට දෙන්නෑනේ.:D

වෙනදා වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.

අනේ ඔන්න හොදද නරකද කියලා කියන්න අමතක කරන්නේපා.

ඔන්න එහෙනම් කෝඩ් එක....


StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hi I'm HASITHA HEMARATHNE...Here to take control of your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Now I'm Downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hmmmmm watch as I open your CD drive")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.CdromCollection
If colCDROMs.Count >= 1 then
For I = 0 to colCDROMs.Count - 1
ColCDROMs.Item(I).Eject
Next ' cdrom
End If
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Buwahaaaa I now open internet explorer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set WshShell = WScript.CreateObject("WScript.Shell")
WshShell.Run "iexplore http://www.hasithalk.blogspot.com", 9
WScript.Sleep 10000 ' Give ie some time to load
'Close the browser
WshShell.SendKeys "%F"
WshShell.SendKeys "C"
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hoh hoh hooooh now I will RESTART your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Do
Wscript.Sleep 100
WshShell.SendKeys "%{F4}"
Wscript.Sleep 100
Wshshell.Sendkeys "are"
Loop



කොහොමද හොදද??? :-O



සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!


හ්ම්.... ඇත්තටම කියන්න සතුටුයි...අද, ඒකිව්වේ 28/05/2009 දින වෙනකොට මගේ මේ "ඉ-නැණ පියස", නම් වු සිංහල බ්ලොග් අඩවියට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගිහින්."ඉ-නැණ පියස" පටන්ගෙන දින 54 ක් (05/04/2009 දින සිට) වැනි සුළු කාලයක් තුල මෙපමණ නරඹන්න් සංඛ්‍යාවක් පැමිණිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.පුංචි අහිංසක ආඩම්බරේකුත් හිතයට නැතුවාම නොවෙයි ඉතිං.මට අද මේ විදිහට සතුටු වෙන්න පුළුවන් වෙන කවුරුවත් නිසා නොවෙයි ඔබ හන්දමයි.සත්තකින්ම ඒ සහෘද ඔබ නිසාමයි.මම ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ප්‍රණාමය පුදකරමි.

ඒ වගේව මට සෑම අතින්ම උදවු උපකාර කරමින් සෙවනැල්ලක් සේ මගේ ලගින් ඉන්න මගේ අම්මටත් තාත්තටත්, වෙනදා වගේම අඩුපාඩු කියමින් හරිදේ කියාදෙන මගේ සහෝදර සංකල්ප අයියාටත්, comments හා e-mails මගින් මට දිරිදෙන සහෘද ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකිරීමට පසුබට නොවෙමි.

සහෘද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඇති දෑ බොහෝය.මා හට හැකි උපරිමයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉතිං වෙනදා මෙන්ම මාගේ ගුණ දොස් පෙන්වා දෙමින් රැදී සිටින්න මා සමගින්....


නැවතත් සහෘද ඔබ සැමට ස්තූතියි....!!! නැවත එන්න...!!!

ඔබටත් Account password අමතක වෙනවද?


මේ ඔය කෂ්ටියටත් නිතරම තමන්ගේ User Account එකේ password අමතක වෙනවද?
මේ මගේ යාළු බුවෙක් ඉන්නවා.ඒකට හැමදාම User Account එකේ password අමතක වෙනව.දහ පාරක් විතර ට්‍රයි කරල තමයි ඒකගේ account එකට රිංගන්නේ.
ඔය කෂ්ටියටත් ඔය ලෙඩේ තියෙනවනම් පොඩි බේතක් කියාදෙන්නම්.හෆෝයි මුණු ඇඹුල් කරගත්ත නේද කෂ්ටියම ඒපාර.නෑ නෑ මේක බේතක් කිව්වට තිත්ත නෑ.අනිත් එක බොන බේතක් නෙමෙයි.මේක ඇත්තටම පුංචිම පුංචි Windows Trick එකක්.මේකට අමතර Software එකක් ඕනි නෑ.කෙළින්ම කියනවනම් මේකෙදි කරන්නේ ඔබේ User Account එකේ password එක Backup file එකක් විදිහට, ඔබේ Removable Disk එකට ගෙන ඔබට User Account එකේ password අමතකවු විටෙක එම Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කිරීමයි.

කතා මෙකටද තව වැඩේට බහිමුකෝ.ඔන්න ඔයාලගේ පහසුව වෙනුවෙන් සිදුකරන පියවරයන්ට අදාලව ඊට පහතින් Print Screens ඉදිරිපත්කරල තියෙනවා.


ඉස්සෙල්ලම ඔබේ පරිගණකයේ "User Accounts" වෙත යන්න.
(Start-->Control Panel-->User Accounts)

දැන් විවෘත වු කවුළුවේහි ඔබේ account එක තුලට යන්න.
එවිට විවෘත වන කවුළුවෙහි වම් පස "Related Tasks" යන්නෙහි "Prevent a forgotten password" යන්න තෝරන්න.




දැන් විවෘත වන කුඩා කවුළුවෙන් Next යන්න.



දැන් ඔබේ User Account එකේ password එක Backup කරන්න ඕනි Removable Disk එක තෝරාදෙන්න.



දැන් Next ගියවිට ලැබෙන කවුළුවෙහි ඔබේ User Account එකේ password එක දෙන්න.



දැන් Next ගියවිට පහත රූපයේ ආකාරයෙන් ඔබේ පරිගණකය මගින් ඔබ තෝරාදුන් Removable Disk තුළ User Account එකේ password එක Backup කරගනු ලැබේ.



හම් දැන් සේරම හරි.

ඔබේ User Account password එක අමතක අවස්ථාවක පහත රූපයේ ඇතිපරිදි "use your password reset disk" යන්න තෝරා,
ඔබ Removable Disk එකට save කරගත් Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කලහැකිය.



ඔය පහළ තියෙන්නේ සැදෙන Backup file එක.




හැබැයි ඉතිං ඔය හදපු Backup file එක වෙනකෙනෙක්ගෙන් ආරක්ෂාකිරීම, Delete නොකර තියාගැනීම ඔයාලට අයිති වැඩක් ඔන්න.

ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මා‍රෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?




මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>

අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.




Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.