"Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්....", කියලා මම දාපු ලිපියට හොද ප්‍රතිචාර තිබුණා.ඒත් මේ සමහර ඈයන්ට මේ වැඩේ කරද්දි පොඩි පොඩි ගැටළු මතුවෙලා තිබුණා.මේ ලිපියෙන් ඒ හැමෝටම උදවු කරන්න හිතුවා. කෂ්ටිය කීව විදිහට පළමු codes 4 ගින්නක් නැතිව වැඩලු.

ඒ කීවේ...,


network.http.pipelining - true

network.http.pipelining.maxrequests - 8

network.http.proxy.pipelining - true

network.dns.disableIPv6 - true


ඔන්න ඔය ටිකයි.

ඉතිරි ටික මේ විදිහට කරල බලන්නකෝ....
මගේ පහසුව සදහා ඉතිරි codes ටික කොටස් දෙකකට බෙදන් වැඩේ කරන්නම්.
ඉස්සෙල්ලම මෙන්න මේ codes 4 ඇතුළත් කරන හැටි කියන්නම්.


content.interrupt.parsing - true

content.notify.ontimer - true


content.interrupt.parsing - true


plugin.expose_full_path - true



මේ සදහා about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තු‍වේ "New" තෝරා "Boolean" යන්න ‍තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





එවිට "New boolean value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes 4, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි බුලියන් අගය "true" ලෙස සකසා "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)






දැන් ඉතිරි අනෙක් codes ටික ඇතුළත් කරන හැටි කියන්නම්.ඒ කීවේ මේ codes ටික...

content.max.tokenizing.time - 2250000

content.notify.interval - 750000

content.notify.backoffcount - 5

content.switch.threshold - 750000

nglayout.initialpaint.delay - 0

ui.submenuDelay - 0

browser.cache.memory.capacity - 65536




මේ සදහාත් පෙර පරිදිම about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තු‍වේ "New" තෝරා,මෙවර "Integer" යන්න ‍තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





එවිට "New integer value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes ටික, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි අගයන් ලෙස ඉහත දී ඇති අගයන් ඇතුළත් කර "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





දැන් සේරම හරි.මේ විදිහට කරල බලන්න.අවුලක් ඇතත් නැතත් මෙහි අඩුපාඩු , යෝජනා, චෝදනා මට එවන්න.



3 comments:

එල එල නියමයි කොල්ලො.

April 21, 2009 at 11:04 PM  
Anonymous said...

නියමයි මචන්................ එල............

April 22, 2009 at 1:51 AM  
Narada said...

ස්තුතියි මචං!

April 23, 2009 at 9:34 AM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.