කෂ්ටියට ලගදි මුකුත් තෑග්ගක් එහෙම නොදුන්න නිසා තරහ වෙලාද මන්ද?ආ කමක් නෑ මේ තෑග්ග අරන් බලන්නකෝ හොදද නරකද කියලා...;)

මේකත් VB Script තෑග්ගක් තමයි.:)) ‍හෆොයි මුණේ හිනාව.බලන්න අසාවේ බෑ.හා හා කමක් නෑ.මේකේ කෝඩ් එක ටිකක් දිගයි.දිග වගේම තමා වැඩෙත්.කරලම බලන්න ඕනී.හැබැයි සංස්කරණය නොකරම වැඩේ බැලුවනම් තමයි හොද.බය වෙන්න එපා ඔයාලගේ කෙම්පුටර් වලට හානියක් වෙන්නෑ කියල වෙනදා වගේම පොරොන්දු වෙනවා.එහෙම දේවල් අපි කවදාවත් ඔයාලට දෙන්නෑනේ.:D

වෙනදා වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.

අනේ ඔන්න හොදද නරකද කියලා කියන්න අමතක කරන්නේපා.

ඔන්න එහෙනම් කෝඩ් එක....


StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hi I'm HASITHA HEMARATHNE...Here to take control of your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Now I'm Downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hmmmmm watch as I open your CD drive")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set oWMP = CreateObject("WMPlayer.OCX.7" )
Set colCDROMs = oWMP.CdromCollection
If colCDROMs.Count >= 1 then
For I = 0 to colCDROMs.Count - 1
ColCDROMs.Item(I).Eject
Next ' cdrom
End If
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Buwahaaaa I now open internet explorer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Wscript.Sleep 100
Set WshShell = WScript.CreateObject("WScript.Shell")
WshShell.Run "iexplore http://www.hasithalk.blogspot.com", 9
WScript.Sleep 10000 ' Give ie some time to load
'Close the browser
WshShell.SendKeys "%F"
WshShell.SendKeys "C"
Wscript.Sleep 100
On Error Resume Next
StrAgentName2 = "MERLIN"
StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs"
Set objAgent2 = CreateObject("Agent.Control.2")
ObjAgent2.Connected = TRUE
ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2
Set objPeter = objAgent2.Characters.Character(strAgentName2)
ObjPeter.MoveTo 700,300
ObjPeter.Show
ObjPeter.Play "GetAttention"
ObjPeter.Play "GetAttentionReturn"
ObjPeter.Speak("Hoh hoh hooooh now I will RESTART your computer")
Wscript.Sleep 1000
Set objAction= objPeter.Hide
Do While objPeter.Visible = True
Wscript.Sleep 250
Loop
Do
Wscript.Sleep 100
WshShell.SendKeys "%{F4}"
Wscript.Sleep 100
Wshshell.Sendkeys "are"
Loop



කොහොමද හොදද??? :-O



සහෘද ඔබ සැමට ස්තූතියි.....!!!


හ්ම්.... ඇත්තටම කියන්න සතුටුයි...අද, ඒකිව්වේ 28/05/2009 දින වෙනකොට මගේ මේ "ඉ-නැණ පියස", නම් වු සිංහල බ්ලොග් අඩවියට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගිහින්."ඉ-නැණ පියස" පටන්ගෙන දින 54 ක් (05/04/2009 දින සිට) වැනි සුළු කාලයක් තුල මෙපමණ නරඹන්න් සංඛ්‍යාවක් පැමිණිම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.පුංචි අහිංසක ආඩම්බරේකුත් හිතයට නැතුවාම නොවෙයි ඉතිං.මට අද මේ විදිහට සතුටු වෙන්න පුළුවන් වෙන කවුරුවත් නිසා නොවෙයි ඔබ හන්දමයි.සත්තකින්ම ඒ සහෘද ඔබ නිසාමයි.මම ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ප්‍රණාමය පුදකරමි.

ඒ වගේව මට සෑම අතින්ම උදවු උපකාර කරමින් සෙවනැල්ලක් සේ මගේ ලගින් ඉන්න මගේ අම්මටත් තාත්තටත්, වෙනදා වගේම අඩුපාඩු කියමින් හරිදේ කියාදෙන මගේ සහෝදර සංකල්ප අයියාටත්, comments හා e-mails මගින් මට දිරිදෙන සහෘද ඔබ සැමටත් මගේ හදපිරි ප්‍රණාමය පුදකිරීමට පසුබට නොවෙමි.

සහෘද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඇති දෑ බොහෝය.මා හට හැකි උපරිමයෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉතිං වෙනදා මෙන්ම මාගේ ගුණ දොස් පෙන්වා දෙමින් රැදී සිටින්න මා සමගින්....


නැවතත් සහෘද ඔබ සැමට ස්තූතියි....!!! නැවත එන්න...!!!

ඔබටත් Account password අමතක වෙනවද?


මේ ඔය කෂ්ටියටත් නිතරම තමන්ගේ User Account එකේ password අමතක වෙනවද?
මේ මගේ යාළු බුවෙක් ඉන්නවා.ඒකට හැමදාම User Account එකේ password අමතක වෙනව.දහ පාරක් විතර ට්‍රයි කරල තමයි ඒකගේ account එකට රිංගන්නේ.
ඔය කෂ්ටියටත් ඔය ලෙඩේ තියෙනවනම් පොඩි බේතක් කියාදෙන්නම්.හෆෝයි මුණු ඇඹුල් කරගත්ත නේද කෂ්ටියම ඒපාර.නෑ නෑ මේක බේතක් කිව්වට තිත්ත නෑ.අනිත් එක බොන බේතක් නෙමෙයි.මේක ඇත්තටම පුංචිම පුංචි Windows Trick එකක්.මේකට අමතර Software එකක් ඕනි නෑ.කෙළින්ම කියනවනම් මේකෙදි කරන්නේ ඔබේ User Account එකේ password එක Backup file එකක් විදිහට, ඔබේ Removable Disk එකට ගෙන ඔබට User Account එකේ password අමතකවු විටෙක එම Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කිරීමයි.

කතා මෙකටද තව වැඩේට බහිමුකෝ.ඔන්න ඔයාලගේ පහසුව වෙනුවෙන් සිදුකරන පියවරයන්ට අදාලව ඊට පහතින් Print Screens ඉදිරිපත්කරල තියෙනවා.


ඉස්සෙල්ලම ඔබේ පරිගණකයේ "User Accounts" වෙත යන්න.
(Start-->Control Panel-->User Accounts)

දැන් විවෘත වු කවුළුවේහි ඔබේ account එක තුලට යන්න.
එවිට විවෘත වන කවුළුවෙහි වම් පස "Related Tasks" යන්නෙහි "Prevent a forgotten password" යන්න තෝරන්න.




දැන් විවෘත වන කුඩා කවුළුවෙන් Next යන්න.



දැන් ඔබේ User Account එකේ password එක Backup කරන්න ඕනි Removable Disk එක තෝරාදෙන්න.



දැන් Next ගියවිට ලැබෙන කවුළුවෙහි ඔබේ User Account එකේ password එක දෙන්න.



දැන් Next ගියවිට පහත රූපයේ ආකාරයෙන් ඔබේ පරිගණකය මගින් ඔබ තෝරාදුන් Removable Disk තුළ User Account එකේ password එක Backup කරගනු ලැබේ.



හම් දැන් සේරම හරි.

ඔබේ User Account password එක අමතක අවස්ථාවක පහත රූපයේ ඇතිපරිදි "use your password reset disk" යන්න තෝරා,
ඔබ Removable Disk එකට save කරගත් Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කලහැකිය.



ඔය පහළ තියෙන්නේ සැදෙන Backup file එක.




හැබැයි ඉතිං ඔය හදපු Backup file එක වෙනකෙනෙක්ගෙන් ආරක්ෂාකිරීම, Delete නොකර තියාගැනීම ඔයාලට අයිති වැඩක් ඔන්න.

ආ...කෂ්ටිය හොදින්ද?
VB Script වැඩේ මා‍රෙට නැගලගියා නේද?තව ගොඩක් තියෙනවා.ඒවත් ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.ඔක්කොම එකටම දාපුවහම අගයකුත් නෑනේ නේද?




මේ මොකක්ද බොලේ මේ..??
අහ්...කියන්න අමතක වුනානේ.ඕක ගේම් එකක්.නම දැම්මෙ "ටක් ටික් ටුක්" කියලා.ඕක මගේම වැඩක්.මේක Flash මෘදුකාංගයෙන් හදපු පුංචිම පුංචි ගේම් එකක්.අපේ කෂ්ටියට අර පොඩි කාලේ කරපු "ටක් ටික් ටුක්" සෙල්ලම එහෙම මතක ඇතිනොවෑ.ඕව අමතක කරන්නත් හොදනෑනේ.අන්න ඒක තමයි ඔය හදලා තියෙන්නේ.
හරි හරි වැඩි කතා මොකටද?
ඔන්න බාගෙන සෙල්ලම් කරල බලන්නකෝ.

<< "ටක් ටික් ටුක්" බාගන්න මෙතන කොටන්න >>

අනේ පොඩි පොඩි අඩු පාඩු තියෙන්න පුළුවන්.වැඩිය ඒගැන හිතන්නෙපා.එහෙම කීවට ගේම් එක වැඩ.හැබැයි ඔන්න හොද නරක කියන්න අමතක කරන්නෙපා හොදේ...
ආයේ මොකටද ඉතිං ඔන්න ගේම් එකේ Screen Shots ටිකකුත් දැම්මා.




මෙන්න තවත් එකක්....!!!

හ්ම්....කෂ්ටියට VB Script වැඩේ නැගල ගිහින් තියෙනව වගේ.ඔන්න එහෙනම් තව එකක්.කට වැඩි බක පණ්ඩිත යාළුවෙක්ට Virus එකක් වගේ යවලා පොඩ්ඩක් Heart Beat එක වැඩිකරන්න කියාපු දේ.

ඉස්සෙල්ල වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.බය වෙන්නෙපා PC එකට කිසිම හානියක් නෑ.එහෙම ඒවා ඉතින් අපි දෙන්නෙත් නෑ කවදාවත්.



Set wshshell = wscript.CreateObject("WScript.Shell")
Wshshell.run "notepad"
do
wscript.sleep 400
wshshell.sendkeys "Hi, "
wscript.sleep 400
wshshell.sendkeys "My "
wscript.sleep 400
wshshell.sendkeys "Name "
wscript.sleep 200
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "H. H. "
wscript.sleep 400
wshshell.sendkeys "HASITHA "
wscript.sleep 400
wshshell.sendkeys "P. "
wscript.sleep 400
wshshell.sendkeys "HEMARATHNE. "
wscript.sleep 400
wshshell.sendkeys "If "
wscript.sleep 200
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "me "
wscript.sleep 400
wshshell.sendkeys "then "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "nobody "
wscript.sleep 200
wshshell.sendkeys "Common, "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "must "
wscript.sleep 400
wshshell.sendkeys "know me. "
wscript.sleep 400
wshshell.sendkeys "Hahahaha! "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "am "
wscript.sleep 400
wshshell.sendkeys "so "
wscript.sleep 400
wshshell.sendkeys "much "
wscript.sleep 4000
wshshell.sendkeys "funny. "
wscript.sleep 400
wshshell.sendkeys "Well, "
wscript.sleep 400
wshshell.sendkeys "my "
wscript.sleep 400
wshshell.sendkeys "heart "
wscript.sleep 400
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "melting, "
wscript.sleep 400
wshshell.sendkeys "now "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "cry! "
wscript.sleep 400
wshshell.sendkeys "okay! "
wscript.sleep 400
wshshell.sendkeys "Okay! "
wscript.sleep 400
wshshell.sendkeys "I'll "
wscript.sleep 400
wshshell.sendkeys "stop "
wscript.sleep 400
wshshell.sendkeys "this. "
wscript.sleep 400
wshshell.sendkeys "Oh "
wscript.sleep 400
wshshell.sendkeys "Sorry...!!! "
wscript.sleep 400
wshshell.sendkeys "but "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "couldn't...!!! "
loop




ඕකත් නවත්නගන්නම ඕනි නම් ඉස්සෙල්ල වගේම කොරන්න.
ඒ කීවේ මෙහෙමයි.
ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" වලට ගිහින් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.

මරේ මරු කරලා බලන්නකෝ.මේ වගේ තව තව දේවල් ඉදිරියටත් ඉ-නැණ පියසින් බලාගන්න, ඉගෙන ගන්න පුළුවන්.ඉතිං රැදී සිටින්න අප සමගින්.....
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.



කැමති නැද්ද ඔබේ Keyboard එ‍කේ " Disco Lights " දාන්න..???
කැමතිනම් මෙන්න කරන විදිහ.මේක කලහම Keyboard එ‍කේ disco lights බලාගන්න පුළුවන්.කරලා බලන්න.හැබැයි ඔබේ පරිගණකයට කිසි ගින්නක් නෑ.කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය පහත තියෙන vb script එක Notepad එකට copy කරගන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop



දැන් එම Notepad file එක ඔබ‍ට කැමති නමක් දී, extention එක " .vbs "
ලෙස save කරගන්න.

උදා: "Keyboard disco.vbs"

දැන් එම File එක Open කරල බලන්න.ලස්සනයි නේද?
යාළුවෙක්ගේ උපන්දිනේකට එහෙම යවන්න එළම තමයි.

ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, කළා වගේ නෙවෙයි ඔක නවත්වගන්නත් එපායැ නේද?

ඒකත් ලේසියි.
ඒකට ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" යන්න.දැන් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.

කරල බලන්න.ලස්සන වැඩක්.
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.


ආයෙත් Software එකක් ගැන කියන්නෙයි කියලා.කෂ්ටියට වැදගත් වෙයි කියලා හිතුනා.ඉස්සෙල්ල කෂ්ටිය PowerPoint Presentation එකක් Flash වලට දාගන්න ඉගෙනගත්තනේ.මේකත් ටිකක් ඒ වගේ වැඩක් තමයි.

හැබැයි ඔන්න මේපාර කියාදෙන්නේ ඔනෑම Office File එකක් PDF File එකක් බවට Convert කරන හැටි.හොදයි නේද?මේකටත් පොඩි Software එකක් භාවිතා කරනවා.නම තමයි "doPDF".පොඩි Software ක් හන්ද හිතටත් හාර්ඩ් එකටත් කිසි අවුලක් නෑ.

වැඩේ කරන්නේ මෙහෙමයි..
මේ "doPDF" එක ස්ථාපනය කරගන්න.ඒක ඉතිං අනිවා කරන්න එපායැ.
ඉස්සෙල්ලම PDF වලට හරවන්න ඕනි Office File එක විවෘත කරන්න.
දැන් Print වෙත යන්න.
දැන් පහත රූපයේ පරිදි "Printer Name" යන්නෙහි "doPDF" තෝරා "OK" කරන්න.




ඔන්න හදලත් ඉවරයි.

අහ්...තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේක Open Office වලත් එළටම වැඩ.කවුරුවත් කියලා නෙමේයි මම කරලා අත්දැකීමෙන්මයි ඔන්න කීවේ.
කරල බලන්නකෝ...

<< "doPDF" බාගන්න මෙතන කොටන්න >>


ලබන සතියේ අපේ Class එකේ Presentations.තව අල්ලලාවත් නෑ ඉතිං.හැට පැන්නත් වදුරා බිමින් යන්නෑ වගේ මමත් මළාට Presentation එකක් PowerPoint වල හදන්නෑනේ.Flash තමා ඉතිං....

PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
මගෙන් කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි ඕක.
පුළුවන්නේ ඉතිං.අයියෝ කොච්චර ලේසිද.හැබැයි මම වැඩ්ඩා වගේ ටෝක් කලාට මේකට ‍පොඩි Software කෑල්ලක් ඕනි.නම තමයි "iSpring" .කියල වැඩක් නෑ එළ Software එක.මේ "iSpring" , PowerPoint 2000/XP/2003/2007 වල එළට වැඩ.

මේ "iSpring" ඔබේ පරිගණකයේ ස්ථාපනය කල විට එය ඔබගේ PowerPoint හී වෙනමම ටැබයක් ලෙස පෙන්නනවා.

PowerPoint 2007 වල පෙන්වන්නේ මෙහෙමයි.




මෙහිදී ලැබෙන්නේ .swf file එකක්.එනම් Flash Movie එකක්.ඕක Flash වලින් තවත් වැඩ දාන්නත් බැරිකමක් නෑ.
එහෙමත් නැතිනම් .exe එකක් කරගන්නත් පුළුවන්.

ඒකට "iSpring" මගින් සෑදුනු *.swf file එක Run කර පහත රූපයේ පරිදි
File --> Create Projector තොරන්න.



වැඩේ නියමයි.පිළිවෙලයි.කරලම බලන්න‍කෝ.
අහ්..මේ වෙනදා වගේම අදහස් යෝජනා එවන්න අමතක කරන්න එපා හොදේ.

<< "iSpring" බාගන්න මෙතන කොටන්න >>

මෙවර " රූ " මාසික සගරා‍වේ(2009 - මැයි) "පුවත් මන්දිකිණිය" යන ශීර්ෂකය යටතේ පළකර ඇති "හොදට නරකට දෙකටම pen මය" යන ලිපිය දැකීමෙන් මගේ සිතට ඇතිවු ආවේගය මුසුවු ශෝකය කියා නිමකල නොහැකි තරම්ය.මන්දයත් එය මම 2009 අප්‍රේල් 12 වන දින මාගේ "ඉ-නැණ පියස" නම් වු සිංහල බ්ලොග් අඩවියේ "ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි...." යනුවෙන් මා පලකල ලිපිය අමු අමුවේ Copy & Paste කිරීමක් නිසාවෙනි.එසේ සිදු කිරීම නීති විරෝධි බවවත් රූ සගරා නිෂ්පාදකයින් නොදන්නෙහිද?

ඇත්ත අපි වුවත් ලිපි පලකරන්නේ අන්තර්ජාලයෙන්, පොත් පත් සගරා මෙන්ම මිතුරන්ගේන් ලබාගත් දැනුමෙන්ය.නමුත් කෙදිනකවත් අපි ඒවායින් අමු අමුවේ Copy & Paste කිරීමට සැදීපැහැදී නොසිටින්නෙමු.මන්ද එය නීති වීරෝධී හා නින්ධිත වැඩක් බව දන්නා බැවිනි.හදිසියේ හෝ එසේ උපුටා ගැනීමක් සිදු කිරීමට සිදුවුවහොත් එය උපුටා ගත් බව පැවසීමට අපි නිහතමානී වෙමු.

තවත් කෙනෙක්ට දන්නැති දෙයක් ඉගැන්වීමේ, කියාදීමේ පරමාර්ථයෙන්, එසේ මාගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තාට කම් නැත.නමුත් මෙම රූ සගරා වේ නිර්මාණය සහ සංස්කරණය සිදුකරන අය මෙය මාගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව පැවසීමට තරම් නිහතමානී නොවීම ගැන මාගේ බලවත් ශෝකය ප්‍රකාශකරමි.

රූ සගරා වේ නිර්මාණය සහ සංස්කරණය සිදුකරන පුද්ගලයන් මෙවන් නීති වීරෝධී හා නින්ධිත වැඩ ඉදිරියටවත් නොකරන්නට වග බලාගනි යැයි සිතමි.

මා පවසන දේ සත්‍යක් ද යන්න තේරුම් බේරුම් කරගැනීම මාගේ සහෘද ඔබ සැමට බාරය....
පහත දැක්වෙන් ඡායාරූප ඔබට ඒ සදහා රුකුලක් වේ යැයි සිතමි.මා මෙහි මුලින් මගේ බ්ලොග් සටහනෙන් ලබාගත් ඡායාරූපයද ඉන්පසු ඊට අනුරූපව රූ සගරාවේ පළකර ඇති ලිපියෙහි ඡායාරූද ඇතුළත් කර ඇත.මාගේ පියවරයන් හා ඔවුන්ගේ පියවරයන් සංසන්දනය කීරීමෙන් ඉතාමත් පහසුවෙන් සත්‍ය වටහාගත හැකිය.



මාගේ බ්ලොග් සටහනෙන් ලබාගත් ඡායාරූප....






මෙවර (2009 - මැයි) රූ සගරා වේ පළකර තිබු "හොදට නරකට දෙකටම pen මය" ලිපියෙන් ලබාගත් ඡායාරූප.....





ඡායාරූප අපැහැදිලි නම් මෙන්න අරන්ම බලන්නකෝ.
<<මෙතන කොටන්න>>

තවමත් ෂුවර් නැතිනම් මෙන්න මම පළකරපු ලිපිය.

<< ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි.... >>

ඔබ අපට සදා විරුවන්ය......


දැන් අපේ මව් භූමිය කොටියාගෙන් බේරාගෙන අවසන්ය.අපේ රටේ ඒකීය බාවය සුරකින්නට තම ජීවිතය,තම නෑදෑ හිතමිතුරන් ගැනවත් නොසිතා ඇප කැපවී සටන් වැදුනු අපේ වීරෝධාර රණවිරුවන්ට හිසනවා මාගේ ප්‍රණාමය පුද කරමි.එමෙන්ම දශක තුනක් මුළුල්ලේ මෙම මෙහෙයුමට එකතු වී දිවිපිදු ඒ අභීත රණවිරුවන්ට නිවන් සුවය පතමි.අද මට මෙම බ්ලොග් සටහන නිවීසැනසිල්ලේ ලිවීමට හැකි වුයේ මේ වීරෝධාර රණවිරුවන් නිසාය.එමෙන්ම කොටියා නැත්තටම නැතිකිරීමට අවංකවම දායකවු අභීත සේනාධිනායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියළුම නිළධාරීන්ට මාගේ ප්‍රණාමය පුදකිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙමි.



අවංකවම මම දේශපාලනයට කැමති නැත.මාගේ බ්ලොග් සටහනක් හරහා කිසියම් දේශපාලන පක්ෂයක් ඒ වගේම චරිතයක් උළුප්පා දැක්වීමට මා අකමැතිය.නමුත් අදවන් දවසක අපේ මාතෘභූමිය කොටින්ගෙන් බේරාගත් ඒ අමරණීය චරිත වලට මාගේ ප්‍රණාමය පුද නොකිරීමට තරම් පහත් කෙනෙක් නොවෙමි.මන්ද මමත් මේ උතුම් මව් බිමේ උපන් කෙනෙක් නිසාවෙනි.



අවසාන වශයෙන් මට කියන්න ඇත්තේ, අද අපේ වීරෝධාර රණවිරුවන් අපේ මාතෘභූමියට හිමිකරදුන් මේ විජයග්‍රහණය සදාකල් එලෙසින්ම රදවාගැනීමට නම් අපි අපේ සහෝදර දමිළ ජනතාවටත් මේ රටේ සමතැන ලබාදිය යුතු බවය.







05/04/2009 දින ප්‍රසිද්ධ කරන ලද "ඉ-නැණ පියස",
18/05/2009 එනම් අද දින වන විට නරඹන්නන් 500 සීමාව ඉක්මවා ගොසිනි.කියන්නත් සතුටුයි, එසේ 500 සීමාව ඉක්මවා යාමට හැකිවුයේ සහෘද ඔබ නිසාවෙනි.ඔබ මා සමගින් නොසිටියේ නම් අද මෙවන් සතුටක් මට නොදැනෙනු ඇත.මාගේ සහෘද ඔබ සැමට මාගේ හිසනවා හදවතින්ම ආචාර කරමි.එය මාගේ යුතුකමකි.වගකීමකි.

මා අතින් අනන්තවත් වැරදි, සිත් රිදවීම් ‍ඔබට සිදුවන්නට ඇත.පිළිගනිමි.ඒ සිදුවු සෑම වරදකටම දස දහස් වාරයක් ඔබගෙන් සමාව අයදිමි.comments වලින් e-mails වලින් ගුණ දොස් පවසා මා හට සහයෝගය ලබාදුන් සැමටත්, ම‍ට සැම විට ස‍හයෝගය ලබාදුන් සංකල්ප අයියාටත්, නන්අයුරින් මට සහයෝගය ලබාදුන් සැමටත් මාගේ හදපිරි ප්‍රණාමය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.‍

මින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් වැදගත් හරවත් ලිපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.ඉදිරියටත් ඔබ මා සමග රැදෙමින් මාගේ ගුණ දොස් පෙන්වා දී මා දිරිමත් කරනු ඇතැයි සිතමි.
නැවතත් ඔබ සැමට මාගේ හදපිරි ප්‍රණාමය...!!!





අපේ කෂ්ටියට චැට් කිවුවොත් වෙන දෙයක් නෑනේ.ඔය කීවට මමත් එහෙම තමයි.මොකටද ඉතිං බොරු කියන්නේ.මමනම් චැට් කරන්නේ පොඩි ගැජට් හරහායි.මේක පරණ ගැජට් එකක් තමයි.මම මේ ගැජට් එක ගැන බ්ලොග් එකට දාන්න හිතුවේ නැත්තේ හුගක් අය දන්න නිසයි.ඒත් මේ ගැන නොදන්න චැට් පිස්සන්ට මේක හුගක් වටිනවා කියලා හිතුන හන්ද කියන්නම්.මේ ගැජට් එක ගැන දන්න අය මීට වඩා හොද ගැජට් එකක් තියේනම් කියන්න.මොකද මේ ගැජට් එකේ අවාසිත් තියෙනවා.




අහ්..මගේ පම්පෝරිය කියෙව්වා විතරයි ගැජට් එකේ නම කීවෙත් නෑනේ.ගැජට් එකේ නම තමයි " Digsby ".මේ Digsby හරහා Google Talk, Yahoo වගේ ප්‍රසිද්ධ චැට් කාමර වල චැට් කරන්න පුළුවන්.හැබැයි Digsby හරහා Skype වලනම් චැට් කරන්න බෑ.




තව මේ Digsby හරහා ඔබේ විද්‍යුත් ලිපින සමග සම්බන්ධ වී සිටීමට පුළුවනි.එවිට ඔබට නව විද්‍යුත් පණිවිඩයක් ලැබුණු බව ඒ මොහොතේම දැනුම් දෙනු ලැබේ.





ඒ වගේම මේ හරහා Facebook, MySpace,Twtter වගේ ප්‍රසිද්ධ සමාජ ජාලවල චැට් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.





භාවිතා කරල බලන්න.මට නම් දැනට අවුලක් නෑ.
බාගන්න ඕනි අය මෙතන කොටන්න.

අහ්...මේ අර මම ඉස්සෙල්ල කීව තමන්ගේ රූපේ තාප්පේ, බිත්තිවල අලවන වැඩේ‍ නැගල යනවා වගේ.
මේ වැඩේට තවත් හොද site එකක් හම්බවුණා.site එකේ නම " photofunia ". මේ site එකේ ගොඩක් ලස්සන effects තියෙනවා.Animations පවා ඔබේ රූපයට එකතු කරන්න පුළුවනි.ඔන්න මම තවත් එකක් හදා ගත්තා.







මෙන්න site එක ගිහින්ම බලන්නකෝ...
<<<photofunia>>>

ගොඩ දවසකින් නේද???
මේ දවස් වල exams වලටයි project වලටයි හිරවෙලා හොදටම හෙම්බත් වෙලා. ඒ හන්දමයි බ්ලොග් එකට මුකුත් දාන්න බැරිඋනේ.තවත් ඉවර නෑ.
ඒත් ඉතිං මොනවැ‍ඩේ තිබුනත් මුණු‍පොත පැත්තේ යන්න අමතක කරන්නේ නෑ. ;))
ඉතිං ඔහොම යන එන කොට මම දැක්කා කට්ටිය තමන්ගේ පිංතූර තාප්පවල, ගොඩනැගිලිවල, දැන්වීම් පුවරුවල එත‍කොට පාරේ ගහගෙන ඉන්නවා.ඒක දැක්කහම මට මතක් උනේ ගිය මැතිවරණ සමයයි.අපේ සෙට් එකත් ඊට නොදෙවෙනිව වැඩේ කරන්යනවා.
ආහ්...කියන්න ගිය එකත් අමතක වුනානේ.ඇත්තටම කෙනෙක් මේ වැඩේ කරනවානම් ටිකක් අමාරුවැඩක්.ඒත් පුදුමයි දකින දකින කෙනා ඔය දේ කරනවා.පස්සේ හොයලා බැලින්නම්නේ වැඩේ තේරුනේ.ඒකත් හැබැයි හොදයි.මේ කට්ටියට ඕක කරන්න උදවු කරලා ති‍යෙන්නේ " EFF MY PIC " කියන වෙබ් පිටුවයි.ඉතිං ඕක දැනගත්තම මට සිතුනා බ්ලොග් එකට දාන්න හොදයි කියලා.ඔන්න මාත් මගේ රූපේ දැන්වීම් පුවරුවක ගහගත්තා. ;)





මෙන්න site එක ගිහින්ම බලන්නකෝ...
<<<EFF MY PIC
>>>




මේ පින්බර වෙසක් සමයේ ඔබේ මිතුරු මිතුරියන්‍ටත් මෙම විද්‍යුත් වෙසක් සුභ පැතුම් පත බාගතකර යවන්න.
මෙතනින් බාගතකරන්න.

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.