මෙවර " රූ " මාසික සගරා‍වේ(2009 - මැයි) "පුවත් මන්දිකිණිය" යන ශීර්ෂකය යටතේ පළකර ඇති "හොදට නරකට දෙකටම pen මය" යන ලිපිය දැකීමෙන් මගේ සිතට ඇතිවු ආවේගය මුසුවු ශෝකය කියා නිමකල නොහැකි තරම්ය.මන්දයත් එය මම 2009 අප්‍රේල් 12 වන දින මාගේ "ඉ-නැණ පියස" නම් වු සිංහල බ්ලොග් අඩවියේ "ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි...." යනුවෙන් මා පලකල ලිපිය අමු අමුවේ Copy & Paste කිරීමක් නිසාවෙනි.එසේ සිදු කිරීම නීති විරෝධි බවවත් රූ සගරා නිෂ්පාදකයින් නොදන්නෙහිද?

ඇත්ත අපි වුවත් ලිපි පලකරන්නේ අන්තර්ජාලයෙන්, පොත් පත් සගරා මෙන්ම මිතුරන්ගේන් ලබාගත් දැනුමෙන්ය.නමුත් කෙදිනකවත් අපි ඒවායින් අමු අමුවේ Copy & Paste කිරීමට සැදීපැහැදී නොසිටින්නෙමු.මන්ද එය නීති වීරෝධී හා නින්ධිත වැඩක් බව දන්නා බැවිනි.හදිසියේ හෝ එසේ උපුටා ගැනීමක් සිදු කිරීමට සිදුවුවහොත් එය උපුටා ගත් බව පැවසීමට අපි නිහතමානී වෙමු.

තවත් කෙනෙක්ට දන්නැති දෙයක් ඉගැන්වීමේ, කියාදීමේ පරමාර්ථයෙන්, එසේ මාගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තාට කම් නැත.නමුත් මෙම රූ සගරා වේ නිර්මාණය සහ සංස්කරණය සිදුකරන අය මෙය මාගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව පැවසීමට තරම් නිහතමානී නොවීම ගැන මාගේ බලවත් ශෝකය ප්‍රකාශකරමි.

රූ සගරා වේ නිර්මාණය සහ සංස්කරණය සිදුකරන පුද්ගලයන් මෙවන් නීති වීරෝධී හා නින්ධිත වැඩ ඉදිරියටවත් නොකරන්නට වග බලාගනි යැයි සිතමි.

මා පවසන දේ සත්‍යක් ද යන්න තේරුම් බේරුම් කරගැනීම මාගේ සහෘද ඔබ සැමට බාරය....
පහත දැක්වෙන් ඡායාරූප ඔබට ඒ සදහා රුකුලක් වේ යැයි සිතමි.මා මෙහි මුලින් මගේ බ්ලොග් සටහනෙන් ලබාගත් ඡායාරූපයද ඉන්පසු ඊට අනුරූපව රූ සගරාවේ පළකර ඇති ලිපියෙහි ඡායාරූද ඇතුළත් කර ඇත.මාගේ පියවරයන් හා ඔවුන්ගේ පියවරයන් සංසන්දනය කීරීමෙන් ඉතාමත් පහසුවෙන් සත්‍ය වටහාගත හැකිය.



මාගේ බ්ලොග් සටහනෙන් ලබාගත් ඡායාරූප....






මෙවර (2009 - මැයි) රූ සගරා වේ පළකර තිබු "හොදට නරකට දෙකටම pen මය" ලිපියෙන් ලබාගත් ඡායාරූප.....





ඡායාරූප අපැහැදිලි නම් මෙන්න අරන්ම බලන්නකෝ.
<<මෙතන කොටන්න>>

තවමත් ෂුවර් නැතිනම් මෙන්න මම පළකරපු ලිපිය.

<< ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කරන්නේ මෙහෙමයි.... >>

14 comments:

ඔහොම ගියාම රෑ සගරාවේ පළ වෙන ඔක්කොම ‍කාගෙන් හරි හොරා ගත්ත දේවල් වෙන්න ඕනි.....

May 19, 2009 at 1:53 PM  
udantha anuradha said...

රෑ සගරාවෙ ඉන්නෙ හොරුනෙ.....
අය්යො උන් සල්ලි වලට මෙච්චර කැදරද?????

මම දන්න අයටත් කියනවා
ඔය හොර රෑ සගරාව් ගන්න එපා කියලා

May 19, 2009 at 2:30 PM  
Anonymous said...

ජරා වැඩක්
ලොකුම වැරද්ද මේක මූල්‍ය කටයුත්තක් සදහා යොදා ගැනිමයි
මේ වගේ මීට කලිනුත් කොපි කරලා තියෙනවද දන්නේ නෑ
කොහොමත් රූ සගරාව රේ සගරාව කොපි කිරිමෙන් තමා මෙච්චර කාලයක් අවේ ඉතින් මේ වගේ තැනකින් කොපි කිරිම ඔය උන්දෑලාට සාමාන්‍ය දෙයක් වෙන්න ඇති
කොහොම උනත් වැඩෙ කැතයි

May 19, 2009 at 2:55 PM  
Anonymous said...

හප්පොච්චියේ... මේවනම් සහ ගහන වැඩ...

May 19, 2009 at 4:12 PM  

චී..චී බොහොම කැතයි.

May 19, 2009 at 4:23 PM  
Anonymous said...

වැ‍ඩේ බොහොම කැතයි.රූ සගරා සංස්කාරක වන බන්දුල අත්තනායක මහතානෙණි,
මේය ඉතාමත් පහත් මෙන්ම නීති විරෝධී ක්‍රීයාවලියකි.මන්ද මෙය ඔබ සිදු කර ඇත්තේ මුල්‍යමය කටයුත්තක් සදහා වේ.ඔබ ආයතනය සිදුකල මෙම මුල්‍යම වංචාවකි.ඔබ ආයතනය සුදුකර ඇති මෙම නීති විරෝධී ක්‍රියාවට ඔබතුමන් සමාවඅයැදීම හෝ කණගාටුව ප්‍රකාශකිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතුය.එය ඔබගේ මීළග රූ කලාපයෙන් සිදු කරනු ඇතැයි බලාපොරොත්තුවේ.
මම මහරගම රූ පාඨකයෙකි.මෙය දුටු මාහට ඇතිවුයේ රූ සගරාව කෙරෙහි මහත් කළකිරුනෙමි.මෙවන් නිතිවිරෝධී ක්‍රියා නිසා ඔ‍‍බේ රූ සගරාවේ වටිනාකම නැතිවෙනවාට නොවනුමානය.ඔබතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය මෙම වරද වරදක් සේ දැක මෙම ඉ-නැණ පියස පවත්වා ගෙන යනු ලබන සහෝදරයාගෙන් සමාව අයදිනු ඇතැයි සිතමු.එය මීළග ඔබේ රූ සගරාවෙන් සුදුකරනු ඇතැයි විශ්වාස කරන්නෙමු.ස්තුතියි...

May 19, 2009 at 8:16 PM  

ඒක හරි. ගන්නවනම් කියල ගන්න තිබ්බ. නැත්තම් අඩු ගානෙ වෙනස් කරන්නවත් (ඒ තරම්වත් මොලයක් නැද්ද)
මම හිතන්නෙ කොපි කරන්න තිබ්බෙම නැති පාර මෙහෙම කරන්න ඇති.

මොනව උනත් කැත වැඩ.

May 19, 2009 at 9:28 PM  

ඔව්.. බුද්ධිමය දේපළ පිළිබඳ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නීතිය කෙසේ වෙතත් ලැජ්ජාවක් කියල එකක් නැති හැටි!

May 19, 2009 at 9:31 PM  
GNS said...

අනේ මන්දා...

‍බ්ලොග්2බ්ලොග් හොරු මදිවට බ්ලොග්2මැග් හොරු... (බි.පෙ.සි) :)

May 19, 2009 at 10:18 PM  
Anonymous said...
Narada said...

අන්ද මන්ද මොන නිර්ලැජ්ජිත වැඩක්ද උන්දෑ කොපි කෝරා නම්!

May 20, 2009 at 1:50 AM  
Kanishka said...

ඕව කතා කරල වැඩක් නෑ. රූ පටන් ගත්‍තෙත් Ray කොපි කරල. ඉතින් තව කවර කතාද????

May 20, 2009 at 7:47 AM  
Anonymous said...

කොහොමත් රෑ සගරාවේ ඉගනගන්න වැඩිදෙයක්නැ උන්ට ඔන සල්ලි. අන්න එකට රේ සගරාව..

May 28, 2009 at 2:14 PM  
Anonymous said...

මට පේන්නේ දැන් නම් නඩු දාන්න වෙයි වගේ. මහ කැත වැඩක්.

July 6, 2009 at 12:07 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.