අද උදේ 8.15 ට විතර මගේ ජංගම දුරකථනය නාද වුනා.ඒක ඉතිං සාමාන්‍යය දෙයක් කියලා කෂ්ටිය කියයි.ඒක ඇත්ත.ඒත් මම ඒ වෙනකොටත් හොදට දොයියන් හිටියේ.ඇත්තම කියනව නම් සිහින සාගරේ කිමිද කිමිද හිටියේ.එක පාරට තඩි මොරෙක් ඇවිත් කන්න පැන්න වගේ ‍ජංගම දුරකථනයේ නාදය ඇහුණේ.අපරාදේ සිහිනේ හොදම කොටස.ෂික් විතරක්.

කවුද මේ දුෂ්ඨයා කියල බැලුවා.හෆොයි...!!!

මෝරා කෑවනම් හොදයි කියලා හිතුනා කෙනා දැක්කහම.මගේ යාළු බුවෙක්.බුවා හොදයි ඒත් මොකක් හරි දෙයක් කිව්වහම දහපාරක්වත් කියන්න ඕනි.
අදත් ඒකගේ පරිගණකයේ මොකක් හරි පිස්සුවක් කරන්ඇති‍.ඉතින් ඔන්න ඕන එකක් කියලා මම පිළිතුරු දුන්නා.

හෆෝයි...මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල මෙයා කියාගෙන කියාගෙන ගියා.නිදිමතේ හිටපු මට කරකවලා අතෑරිය වගේ‍.

ඒකා කථා කලේ වෙනද වගේම එයාගේ පරිගණකයේ විකාරයක් කරන්.ප්‍රශ්නේ ලොකු දෙයක් නෙවේ.පොඩිම පොඩි දෙයක් වෙලා තියෙන්නේ.වැඩිය නෙවේ පස් පාරක් විතර කියාදීලා ප්‍රශ්නේ විසදල දුන්නා.

මම මේක දාන්න හිතුවේ දැනට මේ ප්‍රශ්නේ මගෙන් යාළුවන් විස්සක් විතර අහල තියෙන හන්දයි.ඉතිං හිතුනා අපේ කෂ්ටියටත් මේ ප්‍රශ්නේ තියෙනම් විසදගන්න කියලා පොඩි දෙයක් වුනත් බ්ලොග් එකට දාන්න.හැබැයි දන්න කෂ්ටියත් ගොඩක් ඇති.ඒකට කමක් නෑ.

ඔන්න ඔය පහළ පිංතූරේ තියෙනනේ ප්‍රශ්නේ තමයි.


සාමාන්‍යයෙන් desktop එකේ Icons දක්නට ලැබෙන්නේ මෙහෙමනේ.


මෙහෙම වෙන්නේ Desktop Icons' Transparent effect එක යොදල නැති වුනහම.වැඩ කරගන්න අවුලක් නෑ.ඒත් ඉතිං කැතයි වගේ.Desktop එකේ ලස්සන බල බලා ඉන්න අයට තමයි ලොකුම අවුල වෙන්නේ.මොකද දාල තියෙන Desktop wallpaper හරියට එක පේන්නැනේ.

ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි.සරළයි.හැබැයි පුදුම නෑ.
My Computer icon එක Right Click කරලා "System Properties" යන්න.දැන් විවෘත වු කවුළුවෙහි "Advanced" කියන ටැබය වෙත යන්න.



දැන් එහි "Performance" යනුවෙන් ඇති කොටසේ "Settings" යනුවෙන් ඇති button එක ක්ලික් කරන්න.



එවිට ලැබෙන කවුළුවෙහි "Visual Effects" ටැබය වෙත යන්න.




දැන් එහි පහළ ඇති check Box menu එකෙහි අන්තිම සිට දෙවෙනියට ඇති , එනම් "Use Drop shadow for icon labels on the desktop" යන්නෙන් ඇති Check Box එක ටික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.




එහෙමත් නැතිනම් "Visual Effects" ටැබයට ගිය පසු එහි ඉහළම ඇති , එනම් "Let windows choose what's best for my computer" යන්නේ ඇති Radio Button එක ක්ලික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.



දැන් බලන්න හරිද කියලා....හරි නේද?ඔන්න ඒකත් එහෙනම් විසදල දුන්නා.

එහෙනම් දැනට නවතින්නම්.

මේ...ඔන්න අමතක නොකර අදහස් පල කරන්න හොදේ...

Firefox මගින් sites' passwords hack කරමු...


කෂ්ටියට තවත් අලුත් දෙයක් කියාදෙන්නම්කෝ ඉතිං.මේක වැදගත් තමන්ගේ පරිගණකයේ web browser එක ‍Firefox භාවිතාකරන අයටයි.අහ්.. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ "Firefox මගින් sites' passwords hack කරමු".අම්මෝ කෂ්ටියගේ හිනාව.... hack කීවොත් වෙනදෙයක් නෑ.
ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ.
අපෝ මුණ ඇඹුල් කරගත්ත නේද ඒපාර කෂ්ටිය.මේ post එක කියවපුවහම තේරෙයි මොකක්ද කරන්නේ කියලා.මම හිතනවා මෙමගින් වෙන කෙනෙක්ට අපේ කෂ්ටිය හානියක් නොකරයි කියලා.ඒ කොච්චර වුනත් මේකට විසදුමත් දෙනවා මම.

දැන් කොච්චර කියෙව්වද?වැඩියි වගේ.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.

ඉස්සෙල්ලම Firefox විවෘත කරලා එහි "මෙවලම්" යන්න.අහ් හෝව් හෝව් Sinhala Firefox නෙවෙයිද තියෙන්නේ?ඒකනේ සිංහලෙන් කීවේ Sinhala Firefox දාගන්න කියලා.හරි හරි ඒක අවුලක් නෑ.මම "මෙවලම්" කීවේ "Tools" වල‍ට.දැන් එහි "විකල්ප" නොහොත් "Options" යන්න.එවිට පහත පරිදි කවුළුවක් විවෘත වේවී.


(රුප පැහැදිලි නැතිනම් රූපය මත ක්ලික් කර විශාල කරගන්න)




දැන් එහි ඇති "ආරක්ෂණය" නැතිනම් "Security" ටැබය වෙත යන්න.



දැන් එහි "රහස්පදය" නැතිනම් "Passwords" කොටසේ ඇති "සුරැකූ රහස්පද" නොහොත් "Saved Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක ඔබේ පරිගණකයේ පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි සහ ඊට අදාල පරිශීලක නාමයන් ලැයිස්තුවක් ලැබේ.






දැන් එම කවුළුවේ පහළ ඇති "රහස් පද පෙන්වන්න" නැතිනම් "Show Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි ඊට අදාල පරිශීලක නාමයන් හා රහස් වදන් ලැයිස්තුව ලැබේ.



දැන් කොහොමද වැඩේ...???නියමයි නේද??
hack කලාවගේ තමයි නේද? හෆෝයි කෂ්ටියගේ හිනාව...
මල් 7.

හා හා හිනාවුණා වගේ නෙවෙයි ඉතිං ඕක නවත්වන්න මොනව හරි කරන්න ඕනි නේද?හ්ම්..ඒකත් කියන්නම්කෝ.ක්‍රම දෙක
ක් තියෙනවා වැ‍ඩේට.

එකක් තමයි අපි passwords save නොකර සිටීම.හැබැයි ඉතිං ඒක එතරම් ප්‍රායෝගික නෑ කියලයි මට හිතෙන්නේ.මොකද එකම site එකට දහපාරක් ලොග් වුනොත් ඒ හැම සැරේකම පරිශීලක පදය හා රහස්වදන ඇතුළත් කරන්න වෙනවා‍.ඒක මහ වදයක් වෙනවා අන්තිමට.
අනිත් එක මතක තියාගන්නවා කියලා කීයක් මතක තියාගන්නද?මම දන්නවනේ ඉතිං අපේ කෂ්ටියගේ මතක ශක්තිය ගැන.

එතකොට දෙවෙනි ක්‍රමය තමා Firefox මගින්ම සලසා ඇති පහසුකම.ඒ තමා "සුරැකූ රහස්පද" නැතිනම් "Saved Passwords" යන කවුළුවට ඇතුලුවීමට නොහැකිවන සේ පොදු රහස්වදනක් යෙදීමයි.ඒක කරන්නේ මෙහෙමයි.

පහත දැක්වෙන පරිදි, අප මුලින් සිටි "විකල්ප" කවුළුවෙහි "රහස්පදය" යන්නෙහිම ඇති "ප්‍රධාන රහස්පදය භාවිතා කරන්න" (Use a master password) යන්නට ටික් එකක් දමන්න.එවිට පහත කවුළුව දක්නට ලැබේවි.






එයට ඔබ කැමති ආකාරයේ රහස්වදනක් යෙදිය හැකිය.නමුත් ඔවුන් රහස්පදයේ ගුණාත්මක බව ඉහළ බව දක්වන්නේ ඔබේ රහස්පදයට අකුරු මෙන්ම ඉලක්කම්ද යොදාගෙන ඇතිනම් පමණි.
උදා: 8hp1rs8l3dfe4
(ඕක මගේ රහස්වදන නෙවේ හොදද.මම නිකන් ටයිප් කලේ)

ඔන්න දැන් වැඩේ හොදද?කරල බලන්න.

කාටවත් අපහසුතාවක් වෙන විදිහට වැඩ කරන්න එපා මේක දැනගත්ත කියලා.කෂ්ටිය එහෙම වැරදි විදිහට මේක භාවිතා නොකරයි කියල විශ්වාස කරල තමයි මම මේක කීවේ ඔන්න.හොද නරක කියන්න අමතක කරන්න එපා හොදද....


ඉතිං කෂ්ටිය කොහොමද???
අද මම දෙන්න යන්නේ XP පාවිච්චිකරන අයට පුංචිම පුංචි ගැජට් එකක්.නම තමයි "Visual Task Tips".හෆෝයි බයවුණාද නමට?නම ලොකු වුනාට මෙයා පොඩිම පොඩ්ඩෙක්.

මේ ගැන Vista හා W7 භාවිතාකරන අයනම් දන්නවා.මොකද මේ පහසුකම Vista හා W7 වල අන්තර්ගත වෙලාම තියෙනවා.මේමගින් අපේ පරිගණකයේ Task Bar එක මත විවෘතව ඇති Programmes මතට mouse cursor එක ගෙනගිය විට එහි කුඩා thumbnail preview එකක් බලාගන්න පුළුවන්.පොඩි වුනත් නරක නෑ නේද?



මේ විදිහට තමයි වැඩ කරන්නේ....


ඉතිං මේක කෂ්ටියගේ එදිනෙදා පරිගණකයේ වැඩ කටයුතු වලදි පහසුවක් වෙවි කියල හිතෙනවා‍.හොදද නරකද කියලා කියන්න අමතක කරන්නෙපා....


බාගන්න මෙතන කොටන්න.

අහ් කෂ්ටිය කොහොමද ඉතිං...???‍ගොඩ දවසකින් නේද..???දකින්නත් ආසයි කෂ්ටිය.අද ඉදන් ආයෙත් ඉස්සර වගේම බ්ලොග් ලියන්න අවකාශය ලැබෙයි කියලා හිතනවා.කෂ්ටිය දන්නවනේ ඉතිං "ඉ-නැණ පියස" කියන්නේ තාක්ෂණික දේවල් පිළිබද තොරතුරු විතරක් ඉදිරිපත්කරන සිංහල බ්ලොග් එකක් කියලා.නමුත් ඉතිං සමාජයට වැදගත් කාලීන දැනුවත් කිරීමක් වෙනුවෙන් කාලය වෙන්කිරීමට "ඉ-නැණ පියස" කිසිවිටෙකවත් පසුබට වෙන්නෑ කියල සතුටින් මතක්කරනවා.

ඉතිං අද මම කරන්න යන්නේ ඒ වගේ දැනුවත් කිරීමක් ගැනයි.හෝව්...!!! හොව්...!!! කෂ්ටිය වැඩක් නෑ කියල යන්න නේද හදන්නේ..??පොඩ්ඩක් ඉන්න.ඇත්ත මම කියන්න යන්නේ මේ දවස්වල හුගක් ඇහෙන දෙයක් ගැන තමා.ඒත් ඒගැන කෂ්ටිය වැඩිය නොහිතනකම හන්ද දැනට සිදුවී ඇති ජීවිත හානිය සුලුපටු නොවේ.ඒ තමා දැනට 170ක් පමණ මිනිස් ජීවිත බිළිගෙන තවත් 14,000ක් පමණ රෝගීන්කරපු "ඩෙංගු උණ" ගැන.




මම කෂ්ටියට ඩෙංගු වලින් බේරෙන්න ඕනි විදිහ කියන්නෑ.ඒක ඕනි කෙනෙක්ගෙන් ඇහුවෙත් කියයි.නමුත් ප්‍රශ්නය තියෙන්නේ එච්චර දැන දැනත් මෙවන් තත්වයක් උදාවුනේ කොහොමද කියන එකයි.මම දකින විදිහට මේකට හේතුව අපි කරන්න ඕනි දේ දැනසිටියත් ඒ දේ ප්‍රායෝගිකව නොකිරීම වගේම අපේ නොසැලකිලිමත්කම තමයි.ඇයි අපිට අපි වෙනුවෙන්, අපි ආදරේ කරන අය වෙනුවෙන් වත් හිතල තමන්ගේ කාලයෙන් විනාඩි 30ක් දවසකට වෙන්කරන් අපේ වත්තේ ඩෙංගු මදුරුවන් බො‍වෙන ස්ථාන විනාශ කරන්න බැරි? PHI මහත්වරු එන දවසට විතරක් දඩෙන් ඇග බේරාගැනීමට වත්ත සුද්ද පවිත්‍ර කිරීම තරම් පහත් ක්‍රීයාවක්වෙන නැත.ඇයි හිතන්න බැරි මේ පොඩි වැඩේ හැමෝම හරියට සිදුකළොත් අපේ ජීවිතමයි රැකෙන්නේ කියලා?

ඒ වගේම වට පිටාව සොදිසි කරනවිටත් සැලකිල්ලෙන් කරන්න.මේ බලන්න කෂ්ටියට මගහැරුනු තැනක්.ඔබටත් මේවගේ මග හැරෙන්න පුලුවන්.හොදට බලන්න...





මොකද හිතෙන්නේ?මම ඕක වීඩියෝ කරගත්තේ මගේ යාලුවෙක්ගේ ගෙවත්තේ ළගදි කපල දමපු ගසක මුල් කොටසකින්.හිතුනා මේක රටටම පෙන්වන්න ඇතිනම් කොයිතරම් වැදගත් වෙයිද කියලා.

මම ගොඩක් කියන්නෑ.කෂ්ටිය බුද්ධිමත් කියල දන්නවා.වැරැද්ද වැරැද්දක් විදිහට දැකල අපි මේ ව්‍යසනයෙන් ගොඩඑමු.කොටියා මෙල්ල කරපු අපිට මදුරුවා මොකක්ද නේද?කෂ්ටිය අද ඉදන්ම වැඩේ හරියට කරමු.එහෙම හොදයිනේ?

ඩෙංගු වලින් බේරෙන විදිහ දැනගන්න ඕනි මෙන්න හොද පොතක්.කියවල බලන්න.ඕක මට ඉ-මේල් කරල තිබුනේ NEA (National Environment Agency) එකෙන්.මම NEA එකට ස්තූති වන්ත වෙනවා මේ PDF එක එව්වට.

Guidelines Prevention of Mosquito Breeding


ඔය පොත ඕනිම නම් බාගන්න මෙතන කොටන්න.
මේ ඔය PDF එක බාගෙන ඔබ විතරක් කියවලා පැත්තකට දාන්න එපා.ඔබේ හිතවතෙකුට නෑදෑයෙක්ට ඕනිම කෙනෙක්ට කියවන්න දෙන්න, මේල් කරන්න.
ඩෙංගු ගැන වැඩි විස්තර ඕනිම නම් මෙතන කොටන්න.

ඉතිං අවසාන වශයෙනුත් මම ඉල්ලන්නේ මේක තමන්ගේ රාජකාරියක් නැතිනම් යුතුකමක් වශයෙන් හරි හිතල සැලකිලිමත්ව ඔබේ පරිසරයේ මදුරුවන් බෝවෙන ස්ථාන විනාශකරන්න.

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.