Firefox මගින් sites' passwords hack කරමු...


කෂ්ටියට තවත් අලුත් දෙයක් කියාදෙන්නම්කෝ ඉතිං.මේක වැදගත් තමන්ගේ පරිගණකයේ web browser එක ‍Firefox භාවිතාකරන අයටයි.අහ්.. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ "Firefox මගින් sites' passwords hack කරමු".අම්මෝ කෂ්ටියගේ හිනාව.... hack කීවොත් වෙනදෙයක් නෑ.
ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ.
අපෝ මුණ ඇඹුල් කරගත්ත නේද ඒපාර කෂ්ටිය.මේ post එක කියවපුවහම තේරෙයි මොකක්ද කරන්නේ කියලා.මම හිතනවා මෙමගින් වෙන කෙනෙක්ට අපේ කෂ්ටිය හානියක් නොකරයි කියලා.ඒ කොච්චර වුනත් මේකට විසදුමත් දෙනවා මම.

දැන් කොච්චර කියෙව්වද?වැඩියි වගේ.
ඔන්න එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.

ඉස්සෙල්ලම Firefox විවෘත කරලා එහි "මෙවලම්" යන්න.අහ් හෝව් හෝව් Sinhala Firefox නෙවෙයිද තියෙන්නේ?ඒකනේ සිංහලෙන් කීවේ Sinhala Firefox දාගන්න කියලා.හරි හරි ඒක අවුලක් නෑ.මම "මෙවලම්" කීවේ "Tools" වල‍ට.දැන් එහි "විකල්ප" නොහොත් "Options" යන්න.එවිට පහත පරිදි කවුළුවක් විවෘත වේවී.


(රුප පැහැදිලි නැතිනම් රූපය මත ක්ලික් කර විශාල කරගන්න)




දැන් එහි ඇති "ආරක්ෂණය" නැතිනම් "Security" ටැබය වෙත යන්න.



දැන් එහි "රහස්පදය" නැතිනම් "Passwords" කොටසේ ඇති "සුරැකූ රහස්පද" නොහොත් "Saved Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක ඔබේ පරිගණකයේ පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි සහ ඊට අදාල පරිශීලක නාමයන් ලැයිස්තුවක් ලැබේ.






දැන් එම කවුළුවේ පහළ ඇති "රහස් පද පෙන්වන්න" නැතිනම් "Show Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි ඊට අදාල පරිශීලක නාමයන් හා රහස් වදන් ලැයිස්තුව ලැබේ.



දැන් කොහොමද වැඩේ...???නියමයි නේද??
hack කලාවගේ තමයි නේද? හෆෝයි කෂ්ටියගේ හිනාව...
මල් 7.

හා හා හිනාවුණා වගේ නෙවෙයි ඉතිං ඕක නවත්වන්න මොනව හරි කරන්න ඕනි නේද?හ්ම්..ඒකත් කියන්නම්කෝ.ක්‍රම දෙක
ක් තියෙනවා වැ‍ඩේට.

එකක් තමයි අපි passwords save නොකර සිටීම.හැබැයි ඉතිං ඒක එතරම් ප්‍රායෝගික නෑ කියලයි මට හිතෙන්නේ.මොකද එකම site එකට දහපාරක් ලොග් වුනොත් ඒ හැම සැරේකම පරිශීලක පදය හා රහස්වදන ඇතුළත් කරන්න වෙනවා‍.ඒක මහ වදයක් වෙනවා අන්තිමට.
අනිත් එක මතක තියාගන්නවා කියලා කීයක් මතක තියාගන්නද?මම දන්නවනේ ඉතිං අපේ කෂ්ටියගේ මතක ශක්තිය ගැන.

එතකොට දෙවෙනි ක්‍රමය තමා Firefox මගින්ම සලසා ඇති පහසුකම.ඒ තමා "සුරැකූ රහස්පද" නැතිනම් "Saved Passwords" යන කවුළුවට ඇතුලුවීමට නොහැකිවන සේ පොදු රහස්වදනක් යෙදීමයි.ඒක කරන්නේ මෙහෙමයි.

පහත දැක්වෙන පරිදි, අප මුලින් සිටි "විකල්ප" කවුළුවෙහි "රහස්පදය" යන්නෙහිම ඇති "ප්‍රධාන රහස්පදය භාවිතා කරන්න" (Use a master password) යන්නට ටික් එකක් දමන්න.එවිට පහත කවුළුව දක්නට ලැබේවි.






එයට ඔබ කැමති ආකාරයේ රහස්වදනක් යෙදිය හැකිය.නමුත් ඔවුන් රහස්පදයේ ගුණාත්මක බව ඉහළ බව දක්වන්නේ ඔබේ රහස්පදයට අකුරු මෙන්ම ඉලක්කම්ද යොදාගෙන ඇතිනම් පමණි.
උදා: 8hp1rs8l3dfe4
(ඕක මගේ රහස්වදන නෙවේ හොදද.මම නිකන් ටයිප් කලේ)

ඔන්න දැන් වැඩේ හොදද?කරල බලන්න.

කාටවත් අපහසුතාවක් වෙන විදිහට වැඩ කරන්න එපා මේක දැනගත්ත කියලා.කෂ්ටිය එහෙම වැරදි විදිහට මේක භාවිතා නොකරයි කියල විශ්වාස කරල තමයි මම මේක කීවේ ඔන්න.හොද නරක කියන්න අමතක කරන්න එපා හොදද....

20 comments:

Anonymous said...

ඔයා ලියන භාෂාව නම් හරි නෑ,(අහ්.. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ "Firefox මගින් sites' passwords hack කරමු".අම්මෝ කෂ්ටියගේ හිනාව.... hack කීවොත් වෙනදෙයක් නෑ.)

අනිත් ඒක ඔවත් වැඩද ? ඔයා නම් hack කරනවා කියන ඒක හරි හැටි නොදන්නවා පාටයි ....

July 23, 2009 at 10:00 PM  

@ Anonymous
තැන්කූ.
හැබැයි ඉතිං ඔයාට කොන්ද පණ නැති බවයි පෙන්නේ.නැතිනම් ඉතින් නම දාන්න බැරි කමක් නෑනේ.:D
අනිත් එක හැක් කරන හැටිත් දන්නවා.කරලත් තියෙනවා.නීතියක් සදාචාරයක් දන්න අයවිදිහට ඒවා ප්‍රසිද්ධ කරල තව කෙනෙක්ව අමාරුවේ දාල වැඩ පෙන්නල සතුටු වෙන්න කිසිවිටෙකත් මට උවමනා නෑ.මිනිස්සු අමාරුවේ නොදා කරන්යන මේ විදිහෙන් මම සතුටක් ලබනවා.ඒ මට හොදටම ඇති...!!!

July 23, 2009 at 10:25 PM  
Anonymous said...

මම උඩ ඇනොනිමස් නෙමෙයි.

1)ඇනොනිමස් කෙනෙක් වැරැද්දක් කිව්වොත් "කොන්ද පණ නෑ". වර්ණනා කරොත් කිසි ප්‍රශ්නයක් නෑ.

2)Hacking කියන දේ මේ පුරාණ චීන ගුප්ත කලා වගේ හංගන දෙයක් නෙමෙයි. Hacker සංස්කෘතිය එහෙම හංගන තැනකුත් නෙමෙයි.

3)Hackers ලා කියන අය පවතින නීතියට කොහොමත් අදාල නෑ.ඒකනෙ hacker කියන්නේ. ඒක නිසා සදාචාරයයි නීතියයි ඉස්සරහට දාලා තමන්ගේ දේවල් වහගන්න එපා.

4)මේ hacking නෙමෙයි.

දැනුම බෙදා ගන්න එක අගයනවා. පොඩි වැරදි ටිකක් පෙන්නුවේ. වැරැද්දක් පෙන්නුවාම කුපිත වෙලා දඟලනවට වැඩිය තමන් ගැන හිතලා බලන්න පුරුදු වෙන්න.

July 23, 2009 at 10:38 PM  
änthräX said...

පොඩි කොටසක් එකතු කරන්නම් වලක්වා ගන්නා විදි වලට.
ඔයා කියලා තියන විදියට firefox වලට master password එකක් දාන එකෙන් එක පාරටම save කරලා තියන password පිට යන අවදානම වලක්වාගන්න පුලුවන්. එත්, (මම උදාහරනෙට google ගන්නම්කො ) ඔයා sign out උනාට පස්සෙ username field එකේ user nameඑකයි password field එකේ කලුපාට බෝල වගේකුයි පේනවා නේද? ඕක ලෙඩක්. එහෙම තියෙද්දි address bar එකේ මෙහෙම ගහලා enter කරන්න

javascript: alert(document.getElementById('Passwd').value);

අනිත් ඕනම site එකකත් view->source ගිහිල්ලා password field එකේ නම හොයාගන දාන්න Passwd වෙනුවට.

100% security කියලා දෙයක් නෑ නෙ. එ නිසා නිතරම best practises අනුගමනය කරන්න. windows account එකට strong password එකක් දාගන්න. පරිගනකය නිකන් තියලා එහෙ මෙහෙ යන්න එපා. lock කරන්න. bla bla bla......

;)


Anonymous,
කෙනෙක් ට hack එකක් වෙන දෙයක් තව කෙනෙක් ට කිරි කජු වෙන්න පුලුවන්. ඔයා දන්න සමහර දේවල් අනිත් අය නොදන්නවා වෙන්න පුලුවන්. එත් තමන් දන්න දේ බෙදාගන්න "ඉ-නැණ පියස " කරපු උත්සහය අගය කලයුතුයි නේද? මොකද ඔයාට මේක simple උනාට මේකෙන් දෙයක් ඉගනගන්න කවුරුහරිත් ඈතිනෙ. මෙයා නොලියා හිටියොත් පාඩුව එයාලටනෙ.

July 23, 2009 at 11:00 PM  
Kanishka said...

උ‍ඩ, යට ඇනෝනිමස් දෙන්නගෙන්ම මම අහන්නෙ, ඇයි හැංගිලා පොර ටෝක් දෙන්නෙ? ඇනෝනිමස් කමෙන්ට් දාන සම(හරක්) ගොන් කිරි සංගමයටත් එහා කියල හැමෝම දන්නව. තමන් මවාගෙන ඉන්න අනන්‍යතාවය බිදවැටෙනවට බයද? වැරදි පෙන්නන්න ආවට google account එකක් හෝ open id එකක් වත් නෑ වගේනෙ හැසිරෙන්නෙ...
@ උඩ ඇනෝනිමස්, "අනිත් ඒක ඔවත් වැඩද ? ඔයා නම් hack කරනවා කියන ඒක හරි හැටි නොදන්නවා පාටයි ...."
පුලුවන් නම් හැක් කරන්න කලින් google account එකක් හදල පෙන්නන්න..
තමන්ගෙ බ්ලොග් එකක පෝස්ට් එකක් දාගන්න බැරි උනාට අනික් එවුන්ට ඉරිසියා කරන්න එපා..
අනුන්ගෙ වැරදි පෙන්නන්න කලින් තමුන්ගෙ වැරදි හදාගන්න..

July 23, 2009 at 11:01 PM  

තැන්කූ මචෝ ටිප් එකට..මේ ගැන දන්නෙ නැති අය ඉන්නව ගොඩක්..
ලියපු විදියත් ගති..තාක්ෂණික ලිපි එක ගොඩේ නැතුව මෙහෙම රසවත් විදියට ලිව්වම කියවන්න හිතෙනව.. :)

July 23, 2009 at 11:09 PM  

"windows account එකට strong password එකක් දාගන්න."

ගොඩක් අය වින්ඩෝස් පාවිච්චි කරන නිසි මේ ටිකත් කියන්නම්.
පාස්වර්ඩ් එක අකුරු/සංකේත 7කට වඩා වැඩි වෙන විධියට හදා ගන්න
පාස්වර්ඩ් එකේ @#$%&* වගේ සංකේතත් ඉංග්‍රීසි අකුරු අතරමැදට දාලා පාවිච්චි කරන්න.
පුළුවන් නම් ඉලක්කම් ටිකත් වැඩේට සහභාගි කරගන්න.

මෙහෙව් පාස්වර්ඩ් සෑම් අයියාගෙන් හොරකම් කරන්නට අමාරුය.

July 23, 2009 at 11:17 PM  

@ 2nd Anonymous
බොහොම ස්තූතියි ඔ‍බේ අදහස් වලට.

ඒත් පොඩි දෙයක් කියන්න ඕනි.
කෙනෙක්ගේ accnt1k හැක් කරල ඒකෙනාව අපහසුතාවයට පත් කරන්න මට අවශ්‍යය නෑ.අනිත් එක කෙනෙක් hack tip එකක් ප්‍රසිද්ධ කරනවා කීයන්නේ තවත් බොහෝදෙනෙක්ගේ accnts ආන්ත්‍රාවකට පත්වෙනවා කියන එකයි.මොකද ඕක කෙනෙක් දැනගත්ත ගමන් කරන්නේ තමන්ගේ හතුරෙක්ගේ accnt එකක් හැක් කරන එකයි.පුද්ගලික හන්දයි accnt එකකට රහස්වදනක් දාන්නේ.එහෙම නැතිනම් ඔය කිසිවක් ඕනි නෑනේ.වෙන කෙනෙක්ගේ පුද්ගලික දෙයක් බලල ලබන වින්දනය මොකක්ද?මොකද අපි ඔත්තුකාරයෝ නෙවෙයිනේ.අපේ රටේ නීති වලට hacking අයත් නැතිව ඇති.ඒ තවම එය නොදත් සංඛ්‍යාව බොහෝ අඩු බැවිණි.අපි hacking tips ප්‍රසිද්ධ කරනවා කියන්නේ අපේ රටෙත් hackersla වැඩිවෙන එකයි.එතකොට පුද්ගලික accnt එකක් වත් තියාගන්න බැරි තත්වයකට පත්වෙනවා.මම හිතන්නේ ඔයාටත් ඕනි ඒ දේම වෙන්නැති.ඒත් කෙනෙක්ගේ පුද්ගලික දෙයක් හොරෙන් අදිනවා, බලනවා කියන්නේ වැරැද්දක් කියන එකවත් නොදැනිම පිළිබදව ගොඩක් දුකයි.
අනිත් එක මම මේ post එකේ හැක් කරනවා කීවට පස්සේ දාලා තියෙනවා මේක හැක් කීරීමක් නෙවෙයි කියලා...("ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ.....")

July 23, 2009 at 11:26 PM  
Kanishka said...

@Anonymous
උබ ඔච්චර බය වෙනව කියල දන්නව නම් මම post එකට reply කරන්නෙ නෑ.. පුලුවන් නම් මගෙ google account එක හැක් කරල මගේ නමින් කොමෙන්ට දාපන්, ඔය වගේ ගොන් පාට් නොදා :D :D

July 23, 2009 at 11:44 PM  
Anonymous said...

ඔබ දන්නේ නැති වුනත් ඔබ දැන් භාවිතා කරන අන්තර්ජාල පහසුකම පවා නිදහස් ව පහසුවෙන් භාවිතා කල හැකිව පවතින්නේ ලොව වටා hackers ලා නිසා. ටිකක් TCP/IP network model ගැන හොයලා බලන්න. Hackers සහ crackers යන්න පටලවාගන්න එපා. ඇත්තම කිව්වොත් hackers ලට අවශ්‍ය වෙන්නෙත් තොරතුරු නිදහසේ භාවිතා කිරීම පමණයි. එයට අනුන්ගේ account hack කිරීම වැනි සිල්ලර ක්‍රියා අයත් වන්නේ නැහැ.

සෑම විටම සාමාන්‍ය මිනිසුන්ගේ දකින වැරැද්දක් මේක. තමන්ගේ ක්‍රමයට අනුගත නැත්තන් ඒක වැරදියි. හරි වැරදි අර්ථ දක්වන absolute මිණුම් දණ්ඩ කොහෙද තියෙන්නේ? දැනුම බෙදා ගන්න ආසාව තියෙන ඔබත් සාමාන්‍ය මනුස්සයෙක්ට වැඩිය හොඳට හිතන්න පුරුදු වුනොත් හොඳයි.

උසස් අධ්‍යාපනය ලැබු පළියටම අකුරු හරියට කියවීමට බැරි බව ඔප්පු කල කණිෂ්ක ට,
"1)ඇනොනිමස් කෙනෙක් වැරැද්දක් කිව්වොත් "කොන්ද පණ නෑ". වර්ණනා කරොත් කිසි ප්‍රශ්නයක් නෑ."
ඔබ තවත් ඔප්පු කිරීමට ගන්නා අවස්ථාවක් පමණයි.

July 23, 2009 at 11:51 PM  
Kanishka said...

එකම දේ පුන පුනා පැවසීමෙන් සිදු වන්නේ තව තවත් කොන්ද පන නැති ඇනෝනිමස් ‍ගොන් පාට් කරුවන්ගේ ගොන් ආතල් වල බයිට් එකක් වීමය. අප අතින් සිදුවන විශාලම වැරැද්ද නම් මෙම පුහු අදහස් ගනන් ගැනීමය.. තමන්ගේ අනන්‍යතාවය සඟවා මෙවන් ප්‍රකාශ කිරීම කොන්ද පන නැති කම හැරෙන්න වෙනත් අයුරකින් නිර්වචනය කල හැකි නම් එයද දැන ගැනීමට මම ඉතාමත් කැමැත්තෙන් සිටිමි. මෙවන් ගැටලු ඉදිරියේදී මගහරවා ගැනීමට කල යුත්තේ ප්‍රතිපත්තියක් වශයෙන් කොන්ද පන නැති comments ගනන් නොගැනීමය.. එවිට නිරායාසයෙන්ම මෙම ගැටලුව නිරාකරණය වනු ඇත..

July 24, 2009 at 12:09 AM  
Unknown said...

@ඉ-නැණ පියස

Hi Friend,IF you can hack following email??

hackmeifucan2009@gmail.com

July 24, 2009 at 12:33 AM  
Anonymous said...

Mama anonymous adahas prakasha kalata samawenna.mama Lakshitha.wedi vistara oni nam kiyannam.Mama sinhala blog site rasikayek.blog1k karanna asa unat wedat ekka karanna be.Mama Doctor kenek.weda karanne
Balangoda.
============================

@ Hasitha
==========
oyage blog1 post hema ekakma mama kiyawala tiye.watina harawat lipi idiripat karala tiyenawa hemadama.Malli okata kiyanne irisiyawa kiyala.hemotama hoda dewal karanna be.e madiwata balan innat ba.Itin me wage dewal kiyanawa.
Shrimat Anagarika Dharmapalathumat kiyala tiyenawa lankawe wedak kalot kalot aniwaryayen benum ahanna oni kiyala.oya oppu wenne ewa.hebey ehema baninne mukut karanneti aya.karana aya wedak hariyata karana1 amaruwa dannawa.e hinda malliyo baya wenna epa oyala wage piliwelata hariyata weda karana aya ekka onitaram kattiya innawa.kawru mona kiwat oyage weda hodai.hemadama alut deyak kala.hodama udaharane Dengue gena dapu lipiya.ada oyage post1 weradi kiwa kattiyagen ekkenek hari e Dengue walata dapu post1 age karala tiyeda?ne neda?1 me lankawe heti.podi wereddak unot 1 allan uluppan dagala dagala kegahanawa.kenek dapu post1k taman dannawa kiyala oluwa idinmawan kegehuwata kauruwat bayawenne.anit1 me post1n kiwade blog balana 50%k wat danne kiyala kiyanna puluwan.me wage site1kin ewage nodanna ayata igena ganna hoda totennak wenawa.tamanta metaram sartakawa deyak karganna be kiyala hariyata karana kenata akul helana1 modakamak.modayot ekka tarka karanna giyahama api nikan modayo ganata wetenawa.
Hasitha malliyo oyage post1 wedagat lankawe bahutarekata.ewagema site1t.digatama karan yanna.selenna epa.badhaka enataramakata bayanetiwa muhuna denna.tawat hodata me site1 karan yanna suba pathanawa.
Wish u all da best...keep gng...

July 24, 2009 at 12:35 AM  
Anonymous said...

බලංගොඩ දොස්තර ලක්ෂිත සමඟ අනගාරික ධර්මපාල සම්ප්‍රදායේ ගමනට මාගේ සුභ පැතුම්.

July 24, 2009 at 12:59 AM  

මෙතන අවුල වෙලා තියෙන්නෙ මලයො ඔයා දාපු ලිපිය නෙමෙයි, ඒකට දාපු සිරස්තලය. කට්ටිය ඇවිස්සිලා තියෙන්නෙ ඕක නිසානෙ. නමුත් ඔයා කියලා තියෙනවා "මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ" කියලත්. ඉතිං ඒකෙ ගැටළුවක් නෑ.

කොහොම නමුත් තමන් දන්න දෙයක් අනිත් අය සමඟ බෙදා ගැනීම අගය කරනවා. ඔහොම තමයි මලයො, ඵල දරන ගස් වලටමනෙ ගල් මුල් වදින්නෙ. මටත් ඔහොම වෙලා නැතුවා නෙමෙයි. සැලෙන්නැතුව ලියන්න.

පුංචි දෙයක් කියන්නම්. ඔයා දාලා තියෙන screen shots වලින් පේන්නෙ ඔයා තාම Clear type දාගෙන නෑ වගේ. ඒකයි ඔය සිංහල අකුරු විකෘති වෙලා පේන්නෙ. මෙන්න මෙහෙම දාගන්න: Control Panel -> Display -> Appearance -> Effects -> (දෙවැනි drop down box එකෙන්) Clear Type

July 24, 2009 at 9:56 AM  
Unknown said...

@ඉ-නැණ පියස
You said "අනිත් එක හැක් කරන හැටිත් දන්නවා.කරලත් තියෙනවා"

Are you accept my Challenge???

I think you Can'nt...

hackmeifucan2009@gmail.com

July 24, 2009 at 11:16 AM  
darsha said...

@ hack

I don't want to hack or I don't have any intention to commit such a silly action what so ever...
By doing such an act what can I or society gain...!!!

I have no time to waste on such ignorant & silly acts.

And other thing is that I don't have any necessity to show my colours to you or any other person.

I'm counducting this Sinhala Blog Site, "ඉ-නැණ පියස" not for monitory gains or indirect benefits but solely for social welfare & also for my own moral satisfaction.

We are in 21th centuary-era of of globalization and technological advances.People are getting closer & closer towards a globalized village.
In this context social progress warrants love, kindness, co-operation and mutual understanding but not hatred & revenge.

July 24, 2009 at 9:19 PM  

අදහස් පල කල සියල්ලන්ටම බොහෝමත්ම ස්තූතියි.හොද කීව මෙන්ම වචනයක් අල්ලන් උඩ පැන්න Anonymous ලාටත් නැවතත් ස්තුතියි.කියවන්න බැරි තරමට බැනල e-mails එවපු Anonymous කොල්ලටත් බොහොම ස්තූතියි.
"ඉ-නැණ පියස" කවදාවත් වෙනකෙනෙක්ට නවත්වන්න බෑ.මේක නවත්වන්නේ මට බ්ලොග් ලිවිල්ල ඇතිවුනදාටයි.ආයෙත් බොහොම ස්තූතියි සැමටම...!!!

@ ධනික
බොහොම ස්තූතියි ධනික අයියා.ඔව් අයියේ මට clear type කරන්න බැරි වුනා.ටිප් එක ආයෙත් කීවට බොහොම ස්තූතියි.

July 24, 2009 at 9:32 PM  
Unknown said...

තැන්ක්ස් අය්යා මේවා ගොඩක් වටිනවා

July 24, 2009 at 9:47 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.