අහ් කෂ්ටිය කොහොමද ඉතිං...???‍ගොඩ දවසකින් නේද..???දකින්නත් ආසයි කෂ්ටිය.අද ඉදන් ආයෙත් ඉස්සර වගේම බ්ලොග් ලියන්න අවකාශය ලැබෙයි කියලා හිතනවා.කෂ්ටිය දන්නවනේ ඉතිං "ඉ-නැණ පියස" කියන්නේ තාක්ෂණික දේවල් පිළිබද තොරතුරු විතරක් ඉදිරිපත්කරන සිංහල බ්ලොග් එකක් කියලා.නමුත් ඉතිං සමාජයට වැදගත් කාලීන දැනුවත් කිරීමක් වෙනුවෙන් කාලය වෙන්කිරීමට "ඉ-නැණ පියස" කිසිවිටෙකවත් පසුබට වෙන්නෑ කියල සතුටින් මතක්කරනවා.

ඉතිං අද මම කරන්න යන්නේ ඒ වගේ දැනුවත් කිරීමක් ගැනයි.හෝව්...!!! හොව්...!!! කෂ්ටිය වැඩක් නෑ කියල යන්න නේද හදන්නේ..??පොඩ්ඩක් ඉන්න.ඇත්ත මම කියන්න යන්නේ මේ දවස්වල හුගක් ඇහෙන දෙයක් ගැන තමා.ඒත් ඒගැන කෂ්ටිය වැඩිය නොහිතනකම හන්ද දැනට සිදුවී ඇති ජීවිත හානිය සුලුපටු නොවේ.ඒ තමා දැනට 170ක් පමණ මිනිස් ජීවිත බිළිගෙන තවත් 14,000ක් පමණ රෝගීන්කරපු "ඩෙංගු උණ" ගැන.




මම කෂ්ටියට ඩෙංගු වලින් බේරෙන්න ඕනි විදිහ කියන්නෑ.ඒක ඕනි කෙනෙක්ගෙන් ඇහුවෙත් කියයි.නමුත් ප්‍රශ්නය තියෙන්නේ එච්චර දැන දැනත් මෙවන් තත්වයක් උදාවුනේ කොහොමද කියන එකයි.මම දකින විදිහට මේකට හේතුව අපි කරන්න ඕනි දේ දැනසිටියත් ඒ දේ ප්‍රායෝගිකව නොකිරීම වගේම අපේ නොසැලකිලිමත්කම තමයි.ඇයි අපිට අපි වෙනුවෙන්, අපි ආදරේ කරන අය වෙනුවෙන් වත් හිතල තමන්ගේ කාලයෙන් විනාඩි 30ක් දවසකට වෙන්කරන් අපේ වත්තේ ඩෙංගු මදුරුවන් බො‍වෙන ස්ථාන විනාශ කරන්න බැරි? PHI මහත්වරු එන දවසට විතරක් දඩෙන් ඇග බේරාගැනීමට වත්ත සුද්ද පවිත්‍ර කිරීම තරම් පහත් ක්‍රීයාවක්වෙන නැත.ඇයි හිතන්න බැරි මේ පොඩි වැඩේ හැමෝම හරියට සිදුකළොත් අපේ ජීවිතමයි රැකෙන්නේ කියලා?

ඒ වගේම වට පිටාව සොදිසි කරනවිටත් සැලකිල්ලෙන් කරන්න.මේ බලන්න කෂ්ටියට මගහැරුනු තැනක්.ඔබටත් මේවගේ මග හැරෙන්න පුලුවන්.හොදට බලන්න...





මොකද හිතෙන්නේ?මම ඕක වීඩියෝ කරගත්තේ මගේ යාලුවෙක්ගේ ගෙවත්තේ ළගදි කපල දමපු ගසක මුල් කොටසකින්.හිතුනා මේක රටටම පෙන්වන්න ඇතිනම් කොයිතරම් වැදගත් වෙයිද කියලා.

මම ගොඩක් කියන්නෑ.කෂ්ටිය බුද්ධිමත් කියල දන්නවා.වැරැද්ද වැරැද්දක් විදිහට දැකල අපි මේ ව්‍යසනයෙන් ගොඩඑමු.කොටියා මෙල්ල කරපු අපිට මදුරුවා මොකක්ද නේද?කෂ්ටිය අද ඉදන්ම වැඩේ හරියට කරමු.එහෙම හොදයිනේ?

ඩෙංගු වලින් බේරෙන විදිහ දැනගන්න ඕනි මෙන්න හොද පොතක්.කියවල බලන්න.ඕක මට ඉ-මේල් කරල තිබුනේ NEA (National Environment Agency) එකෙන්.මම NEA එකට ස්තූති වන්ත වෙනවා මේ PDF එක එව්වට.

Guidelines Prevention of Mosquito Breeding


ඔය පොත ඕනිම නම් බාගන්න මෙතන කොටන්න.
මේ ඔය PDF එක බාගෙන ඔබ විතරක් කියවලා පැත්තකට දාන්න එපා.ඔබේ හිතවතෙකුට නෑදෑයෙක්ට ඕනිම කෙනෙක්ට කියවන්න දෙන්න, මේල් කරන්න.
ඩෙංගු ගැන වැඩි විස්තර ඕනිම නම් මෙතන කොටන්න.

ඉතිං අවසාන වශයෙනුත් මම ඉල්ලන්නේ මේක තමන්ගේ රාජකාරියක් නැතිනම් යුතුකමක් වශයෙන් හරි හිතල සැලකිලිමත්ව ඔබේ පරිසරයේ මදුරුවන් බෝවෙන ස්ථාන විනාශකරන්න.

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.