
ඉතිං කෂ්ටිය කොහොමද???
අද මම දෙන්න යන්නේ XP පාවිච්චිකරන අයට පුංචිම පුංචි ගැජට් එකක්.නම තමයි "Visual Task Tips".හෆෝයි බයවුණාද නමට?නම ලොකු වුනාට මෙයා පොඩිම පොඩ්ඩෙක්.
මේ ගැන Vista හා W7 භාවිතාකරන අයනම් දන්නවා.මොකද මේ පහසුකම Vista හා W7 වල අන්තර්ගත වෙලාම තියෙනවා.මේමගින් අපේ පරිගණකයේ Task Bar එක මත විවෘතව ඇති Programmes මතට mouse cursor එක ගෙනගිය විට එහි කුඩා thumbnail preview එකක් බලාගන්න පුළුවන්.පොඩි වුනත් නරක නෑ නේද?
මේ විදිහට තමයි වැඩ කරන්නේ....
ඉතිං මේක කෂ්ටියගේ එදිනෙදා පරිගණකයේ වැඩ කටයුතු වලදි පහසුවක් වෙවි කියල හිතෙනවා.හොදද නරකද කියලා කියන්න අමතක කරන්නෙපා....
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......

ආයෙත් Software එකක් ගැන කියන්නෙයි කියලා.කෂ්ටියට වැදගත් වෙයි කියලා හිතුනා.ඉස්සෙල්ල කෂ්ටිය PowerPoint Presentation එකක් Flash වලට දාගන්න ඉගෙනගත්තනේ.මේකත් ටිකක් ඒ වගේ වැඩක් තමයි.
හැබැයි ඔන්න මේපාර කියාදෙන්නේ ඔනෑම Office File එකක් PDF File එකක් බවට Convert කරන හැටි.හොදයි නේද?මේකටත් පොඩි Software එකක් භාවිතා කරනවා.නම තමයි "doPDF".පොඩි Software ක් හන්ද හිතටත් හාර්ඩ් එකටත් කිසි අවුලක් නෑ.
වැඩේ කරන්නේ මෙහෙමයි..
මේ "doPDF" එක ස්ථාපනය කරගන්න.ඒක ඉතිං අනිවා කරන්න එපායැ.
ඉස්සෙල්ලම PDF වලට හරවන්න ඕනි Office File එක විවෘත කරන්න.
දැන් Print වෙත යන්න.
දැන් පහත රූපයේ පරිදි "Printer Name" යන්නෙහි "doPDF" තෝරා "OK" කරන්න.
ඔන්න හදලත් ඉවරයි.
අහ්...තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේක Open Office වලත් එළටම වැඩ.කවුරුවත් කියලා නෙමේයි මම කරලා අත්දැකීමෙන්මයි ඔන්න කීවේ.
කරල බලන්නකෝ...
<< "doPDF" බාගන්න මෙතන කොටන්න >>

ලබන සතියේ අපේ Class එකේ Presentations.තව අල්ලලාවත් නෑ ඉතිං.හැට පැන්නත් වදුරා බිමින් යන්නෑ වගේ මමත් මළාට Presentation එකක් PowerPoint වල හදන්නෑනේ.Flash තමා ඉතිං....
PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
මගෙන් කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි ඕක.
පුළුවන්නේ ඉතිං.අයියෝ කොච්චර ලේසිද.හැබැයි මම වැඩ්ඩා වගේ ටෝක් කලාට මේකට පොඩි Software කෑල්ලක් ඕනි.නම තමයි "iSpring" .කියල වැඩක් නෑ එළ Software එක.මේ "iSpring" , PowerPoint 2000/XP/2003/2007 වල එළට වැඩ.
මේ "iSpring" ඔබේ පරිගණකයේ ස්ථාපනය කල විට එය ඔබගේ PowerPoint හී වෙනමම ටැබයක් ලෙස පෙන්නනවා.
PowerPoint 2007 වල පෙන්වන්නේ මෙහෙමයි.
මෙහිදී ලැබෙන්නේ .swf file එකක්.එනම් Flash Movie එකක්.ඕක Flash වලින් තවත් වැඩ දාන්නත් බැරිකමක් නෑ.
එහෙමත් නැතිනම් .exe එකක් කරගන්නත් පුළුවන්.
ඒකට "iSpring" මගින් සෑදුනු *.swf file එක Run කර පහත රූපයේ පරිදි
File --> Create Projector තොරන්න.
වැඩේ නියමයි.පිළිවෙලයි.කරලම බලන්නකෝ.
අහ්..මේ වෙනදා වගේම අදහස් යෝජනා එවන්න අමතක කරන්න එපා හොදේ.
<< "iSpring" බාගන්න මෙතන කොටන්න >>
