අද උදේ 8.15 ට විතර මගේ ජංගම දුරකථනය නාද වුනා.ඒක ඉතිං සාමාන්‍යය දෙයක් කියලා කෂ්ටිය කියයි.ඒක ඇත්ත.ඒත් මම ඒ වෙනකොටත් හොදට දොයියන් හිටියේ.ඇත්තම කියනව නම් සිහින සාගරේ කිමිද කිමිද හිටියේ.එක පාරට තඩි මොරෙක් ඇවිත් කන්න පැන්න වගේ ජංගම දුරකථනයේ නාදය ඇහුණේ.අපරාදේ සිහිනේ හොදම කොටස.ෂික් විතරක්.
කවුද මේ දුෂ්ඨයා කියල බැලුවා.හෆොයි...!!!
මෝරා කෑවනම් හොදයි කියලා හිතුනා කෙනා දැක්කහම.මගේ යාළු බුවෙක්.බුවා හොදයි ඒත් මොකක් හරි දෙයක් කිව්වහම දහපාරක්වත් කියන්න ඕනි.
අදත් ඒකගේ පරිගණකයේ මොකක් හරි පිස්සුවක් කරන්ඇති.ඉතින් ඔන්න ඕන එකක් කියලා මම පිළිතුරු දුන්නා.
හෆෝයි...මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල මෙයා කියාගෙන කියාගෙන ගියා.නිදිමතේ හිටපු මට කරකවලා අතෑරිය වගේ.
ඒකා කථා කලේ වෙනද වගේම එයාගේ පරිගණකයේ විකාරයක් කරන්.ප්‍රශ්නේ ලොකු දෙයක් නෙවේ.පොඩිම පොඩි දෙයක් වෙලා තියෙන්නේ.වැඩිය නෙවේ පස් පාරක් විතර කියාදීලා ප්‍රශ්නේ විසදල දුන්නා.
මම මේක දාන්න හිතුවේ දැනට මේ ප්‍රශ්නේ මගෙන් යාළුවන් විස්සක් විතර අහල තියෙන හන්දයි.ඉතිං හිතුනා අපේ කෂ්ටියටත් මේ ප්‍රශ්නේ තියෙනම් විසදගන්න කියලා පොඩි දෙයක් වුනත් බ්ලොග් එකට දාන්න.හැබැයි දන්න කෂ්ටියත් ගොඩක් ඇති.ඒකට කමක් නෑ.
ඔන්න ඔය පහළ පිංතූරේ තියෙනනේ ප්‍රශ්නේ තමයි.
සාමාන්‍යයෙන් desktop එකේ Icons දක්නට ලැබෙන්නේ මෙහෙමනේ.
මෙහෙම වෙන්නේ Desktop Icons' Transparent effect එක යොදල නැති වුනහම.වැඩ කරගන්න අවුලක් නෑ.ඒත් ඉතිං කැතයි වගේ.Desktop එකේ ලස්සන බල බලා ඉන්න අයට තමයි ලොකුම අවුල වෙන්නේ.මොකද දාල තියෙන Desktop wallpaper හරියට එක පේන්නැනේ.
ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි.සරළයි.හැබැයි පුදුම නෑ.
My Computer icon එක Right Click කරලා "System Properties" යන්න.දැන් විවෘත වු කවුළුවෙහි "Advanced" කියන ටැබය වෙත යන්න.
දැන් එහි "Performance" යනුවෙන් ඇති කොටසේ "Settings" යනුවෙන් ඇති button එක ක්ලික් කරන්න.
එවිට ලැබෙන කවුළුවෙහි "Visual Effects" ටැබය වෙත යන්න.
දැන් එහි පහළ ඇති check Box menu එකෙහි අන්තිම සිට දෙවෙනියට ඇති , එනම් "Use Drop shadow for icon labels on the desktop" යන්නෙන් ඇති Check Box එක ටික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.
එහෙමත් නැතිනම් "Visual Effects" ටැබයට ගිය පසු එහි ඉහළම ඇති , එනම් "Let windows choose what's best for my computer" යන්නේ ඇති Radio Button එක ක්ලික් කරන්න.දැන් "Apply" කර "Ok" කරන්න.
දැන් බලන්න හරිද කියලා....හරි නේද?ඔන්න ඒකත් එහෙනම් විසදල දුන්නා.
එහෙනම් දැනට නවතින්නම්.
මේ...ඔන්න අමතක නොකර අදහස් පල කරන්න හොදේ...
අද දිනේ සහ දැන් වේලාව......
අපි වෙනුවෙන් අපිම කැපවෙමු..!
අපි වෙනුවෙන් අපි....
බ්ලොග් අතීතය....
Blogroll
ඉ-නැණ පියසේ පරණ ලිපි....
කියන්න කෂ්ටියටම ඇහෙන්න..
මගේ සුමිතුරෝ......
![]()
කෂ්ටියට තවත් අලුත් දෙයක් කියාදෙන්නම්කෝ ඉතිං.මේක වැදගත් තමන්ගේ පරිගණකයේ web browser එක Firefox භාවිතාකරන අයටයි.අහ්.. ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ "Firefox මගින් sites' passwords hack කරමු".අම්මෝ කෂ්ටියගේ හිනාව.... hack කීවොත් වෙනදෙයක් නෑ.
ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ. අපෝ මුණ ඇඹුල් කරගත්ත නේද ඒපාර කෂ්ටිය.මේ post එක කියවපුවහම තේරෙයි මොකක්ද කරන්නේ කියලා.මම හිතනවා මෙමගින් වෙන කෙනෙක්ට අපේ කෂ්ටිය හානියක් නොකරයි කියලා.ඒ කොච්චර වුනත් මේකට විසදුමත් දෙනවා මම.
දැන් කොච්චර කියෙව්වද?වැඩියි වගේ. ඔන්න එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ.
ඉස්සෙල්ලම Firefox විවෘත කරලා එහි "මෙවලම්" යන්න.අහ් හෝව් හෝව් Sinhala Firefox නෙවෙයිද තියෙන්නේ?ඒකනේ සිංහලෙන් කීවේ Sinhala Firefox දාගන්න කියලා.හරි හරි ඒක අවුලක් නෑ.මම "මෙවලම්" කීවේ "Tools" වලට.දැන් එහි "විකල්ප" නොහොත් "Options" යන්න.එවිට පහත පරිදි කවුළුවක් විවෘත වේවී.
(රුප පැහැදිලි නැතිනම් රූපය මත ක්ලික් කර විශාල කරගන්න)
දැන් එහි ඇති "ආරක්ෂණය" නැතිනම් "Security" ටැබය වෙත යන්න.
දැන් එහි "රහස්පදය" නැතිනම් "Passwords" කොටසේ ඇති "සුරැකූ රහස්පද" නොහොත් "Saved Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක ඔබේ පරිගණකයේ පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි සහ ඊට අදාල පරිශීලක නාමයන් ලැයිස්තුවක් ලැබේ.

දැන් එම කවුළුවේ පහළ ඇති "රහස් පද පෙන්වන්න" නැතිනම් "Show Passwords" යන button එක ඔබන්න.එවිට පහත පරිදි කවුළුවක පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි ඊට අදාල පරිශීලක නාමයන් හා රහස් වදන් ලැයිස්තුව ලැබේ.
දැන් කොහොමද වැඩේ...???නියමයි නේද??
hack කලාවගේ තමයි නේද? හෆෝයි කෂ්ටියගේ හිනාව... මල් 7.
හා හා හිනාවුණා වගේ නෙවෙයි ඉතිං ඕක නවත්වන්න මොනව හරි කරන්න ඕනි නේද?හ්ම්..ඒකත් කියන්නම්කෝ.ක්‍රම දෙකක් තියෙනවා වැඩේට.
එකක් තමයි අපි passwords save නොකර සිටීම.හැබැයි ඉතිං ඒක එතරම් ප්‍රායෝගික නෑ කියලයි මට හිතෙන්නේ.මොකද එකම site එකට දහපාරක් ලොග් වුනොත් ඒ හැම සැරේකම පරිශීලක පදය හා රහස්වදන ඇතුළත් කරන්න වෙනවා.ඒක මහ වදයක් වෙනවා අන්තිමට. අනිත් එක මතක තියාගන්නවා කියලා කීයක් මතක තියාගන්නද?මම දන්නවනේ ඉතිං අපේ කෂ්ටියගේ මතක ශක්තිය ගැන.
එතකොට දෙවෙනි ක්‍රමය තමා Firefox මගින්ම සලසා ඇති පහසුකම.ඒ තමා "සුරැකූ රහස්පද" නැතිනම් "Saved Passwords" යන කවුළුවට ඇතුලුවීමට නොහැකිවන සේ පොදු රහස්වදනක් යෙදීමයි.ඒක කරන්නේ මෙහෙමයි.
පහත දැක්වෙන පරිදි, අප මුලින් සිටි "විකල්ප" කවුළුවෙහි "රහස්පදය" යන්නෙහිම ඇති "ප්‍රධාන රහස්පදය භාවිතා කරන්න" (Use a master password) යන්නට ටික් එකක් දමන්න.එවිට පහත කවුළුව දක්නට ලැබේවි.

එයට ඔබ කැමති ආකාරයේ රහස්වදනක් යෙදිය හැකිය.නමුත් ඔවුන් රහස්පදයේ ගුණාත්මක බව ඉහළ බව දක්වන්නේ ඔබේ රහස්පදයට අකුරු මෙන්ම ඉලක්කම්ද යොදාගෙන ඇතිනම් පමණි.
උදා: 8hp1rs8l3dfe4
(ඕක මගේ රහස්වදන නෙවේ හොදද.මම නිකන් ටයිප් කලේ)
ඔන්න දැන් වැඩේ හොදද?කරල බලන්න.කාටවත් අපහසුතාවක් වෙන විදිහට වැඩ කරන්න එපා මේක දැනගත්ත කියලා.කෂ්ටිය එහෙම වැරදි විදිහට මේක භාවිතා නොකරයි කියල විශ්වාස කරල තමයි මම මේක කීවේ ඔන්න.හොද නරක කියන්න අමතක කරන්න එපා හොදද....

මේ ඔය කෂ්ටියටත් නිතරම තමන්ගේ User Account එකේ password අමතක වෙනවද?
මේ මගේ යාළු බුවෙක් ඉන්නවා.ඒකට හැමදාම User Account එකේ password අමතක වෙනව.දහ පාරක් විතර ට්‍රයි කරල තමයි ඒකගේ account එකට රිංගන්නේ.
ඔය කෂ්ටියටත් ඔය ලෙඩේ තියෙනවනම් පොඩි බේතක් කියාදෙන්නම්.හෆෝයි මුණු ඇඹුල් කරගත්ත නේද කෂ්ටියම ඒපාර.නෑ නෑ මේක බේතක් කිව්වට තිත්ත නෑ.අනිත් එක බොන බේතක් නෙමෙයි.මේක ඇත්තටම පුංචිම පුංචි Windows Trick එකක්.මේකට අමතර Software එකක් ඕනි නෑ.කෙළින්ම කියනවනම් මේකෙදි කරන්නේ ඔබේ User Account එකේ password එක Backup file එකක් විදිහට, ඔබේ Removable Disk එකට ගෙන ඔබට User Account එකේ password අමතකවු විටෙක එම Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කිරීමයි.
කතා මෙකටද තව වැඩේට බහිමුකෝ.ඔන්න ඔයාලගේ පහසුව වෙනුවෙන් සිදුකරන පියවරයන්ට අදාලව ඊට පහතින් Print Screens ඉදිරිපත්කරල තියෙනවා.
ඉස්සෙල්ලම ඔබේ පරිගණකයේ "User Accounts" වෙත යන්න.
(Start-->Control Panel-->User Accounts)
දැන් විවෘත වු කවුළුවේහි ඔබේ account එක තුලට යන්න. එවිට විවෘත වන කවුළුවෙහි වම් පස "Related Tasks" යන්නෙහි "Prevent a forgotten password" යන්න තෝරන්න.
දැන් විවෘත වන කුඩා කවුළුවෙන් Next යන්න.
දැන් ඔබේ User Account එකේ password එක Backup කරන්න ඕනි Removable Disk එක තෝරාදෙන්න.
දැන් Next ගියවිට ලැබෙන කවුළුවෙහි ඔබේ User Account එකේ password එක දෙන්න.
දැන් Next ගියවිට පහත රූපයේ ආකාරයෙන් ඔබේ පරිගණකය මගින් ඔබ තෝරාදුන් Removable Disk තුළ User Account එකේ password එක Backup කරගනු ලැබේ. 
හම් දැන් සේරම හරි.
ඔබේ User Account password එක අමතක අවස්ථාවක පහත රූපයේ ඇතිපරිදි "use your password reset disk" යන්න තෝරා, ඔබ Removable Disk එකට save කරගත් Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කලහැකිය.
ඔය පහළ තියෙන්නේ සැදෙන Backup file එක.
හැබැයි ඉතිං ඔය හදපු Backup file එක වෙනකෙනෙක්ගෙන් ආරක්ෂාකිරීම, Delete නොකර තියාගැනීම ඔයාලට අයිති වැඩක් ඔන්න.
හ්ම්....කෂ්ටියට VB Script වැඩේ නැගල ගිහින් තියෙනව වගේ.ඔන්න එහෙනම් තව එකක්.කට වැඩි බක පණ්ඩිත යාළුවෙක්ට Virus එකක් වගේ යවලා පොඩ්ඩක් Heart Beat එක වැඩිකරන්න කියාපු දේ.
ඉස්සෙල්ල වගේම ඔය vb script එක Notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට ".vbs" කියල දෙන්නකෝ.දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක Run කරල බලන්නකෝ.බය වෙන්නෙපා PC එකට කිසිම හානියක් නෑ.එහෙම ඒවා ඉතින් අපි දෙන්නෙත් නෑ කවදාවත්.
Set wshshell = wscript.CreateObject("WScript.Shell")
Wshshell.run "notepad"
do
wscript.sleep 400
wshshell.sendkeys "Hi, "
wscript.sleep 400
wshshell.sendkeys "My "
wscript.sleep 400
wshshell.sendkeys "Name "
wscript.sleep 200
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "H. H. "
wscript.sleep 400
wshshell.sendkeys "HASITHA "
wscript.sleep 400
wshshell.sendkeys "P. "
wscript.sleep 400
wshshell.sendkeys "HEMARATHNE. "
wscript.sleep 400
wshshell.sendkeys "If "
wscript.sleep 200
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "me "
wscript.sleep 400
wshshell.sendkeys "then "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "know "
wscript.sleep 400
wshshell.sendkeys "nobody "
wscript.sleep 200
wshshell.sendkeys "Common, "
wscript.sleep 400
wshshell.sendkeys "you "
wscript.sleep 400
wshshell.sendkeys "must "
wscript.sleep 400
wshshell.sendkeys "know me. "
wscript.sleep 400
wshshell.sendkeys "Hahahaha! "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "am "
wscript.sleep 400
wshshell.sendkeys "so "
wscript.sleep 400
wshshell.sendkeys "much "
wscript.sleep 4000
wshshell.sendkeys "funny. "
wscript.sleep 400
wshshell.sendkeys "Well, "
wscript.sleep 400
wshshell.sendkeys "my "
wscript.sleep 400
wshshell.sendkeys "heart "
wscript.sleep 400
wshshell.sendkeys "is "
wscript.sleep 400
wshshell.sendkeys "melting, "
wscript.sleep 400
wshshell.sendkeys "now "
wscript.sleep 400
wshshell.sendkeys "don't "
wscript.sleep 400
wshshell.sendkeys "cry! "
wscript.sleep 400
wshshell.sendkeys "okay! "
wscript.sleep 400
wshshell.sendkeys "Okay! "
wscript.sleep 400
wshshell.sendkeys "I'll "
wscript.sleep 400
wshshell.sendkeys "stop "
wscript.sleep 400
wshshell.sendkeys "this. "
wscript.sleep 400
wshshell.sendkeys "Oh "
wscript.sleep 400
wshshell.sendkeys "Sorry...!!! "
wscript.sleep 400
wshshell.sendkeys "but "
wscript.sleep 400
wshshell.sendkeys "I "
wscript.sleep 400
wshshell.sendkeys "couldn't...!!! "
loop
ඕකත් නවත්නගන්නම ඕනි නම් ඉස්සෙල්ල වගේම කොරන්න.
ඒ කීවේ මෙහෙමයි.
ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" වලට ගිහින් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.
මරේ මරු කරලා බලන්නකෝ.මේ වගේ තව තව දේවල් ඉදිරියටත් ඉ-නැණ පියසින් බලාගන්න, ඉගෙන ගන්න පුළුවන්.ඉතිං රැදී සිටින්න අප සමගින්.....
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.

කැමති නැද්ද ඔබේ Keyboard එකේ " Disco Lights " දාන්න..???
කැමතිනම් මෙන්න කරන විදිහ.මේක කලහම Keyboard එකේ disco lights බලාගන්න පුළුවන්.කරලා බලන්න.හැබැයි ඔබේ පරිගණකයට කිසි ගින්නක් නෑ.කරන්න තියෙන්නේ මෙච්චරයි.
ඔය පහත තියෙන vb script එක Notepad එකට copy කරගන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් එම Notepad file එක ඔබට කැමති නමක් දී, extention එක " .vbs " ලෙස save කරගන්න.
උදා: "Keyboard disco.vbs"
දැන් එම File එක Open කරල බලන්න.ලස්සනයි නේද?
යාළුවෙක්ගේ උපන්දිනේකට එහෙම යවන්න එළම තමයි.
ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා, කළා වගේ නෙවෙයි ඔක නවත්වගන්නත් එපායැ නේද?
ඒකත් ලේසියි.
ඒකට ඔබේ යතුරු පුවරුවේ " Ctrl + Alt + Delete " එකවර ඔබා "Task Manager" යන්න.දැන් එහි "Processes" ටැබය වෙතගොස් "Image Name" යන්නෙහි "wscript.exe" යන්නතෝරා "End process" කරන්න.දැන් වැඩේ නවතීවී.
නැතිනම් Restart කලත් හරි.
කරල බලන්න.ලස්සන වැඩක්.
PC එකට කිසිම ආපදාවක් වෙන්නෑ කියල ආයෙත් කියන්නම්.