ubuntu 9.04


දකින තුරු ඔබේ හැඩ වැඩ, නෑ ඉවසුම්
එනතුරු ඔබ, අපි මග බලා සිටින්නේ........




"Firefox හී වේගය වැඩිකරන ක්‍රම 15 ක්....", කියලා මම දාපු ලිපියට හොද ප්‍රතිචාර තිබුණා.ඒත් මේ සමහර ඈයන්ට මේ වැඩේ කරද්දි පොඩි පොඩි ගැටළු මතුවෙලා තිබුණා.මේ ලිපියෙන් ඒ හැමෝටම උදවු කරන්න හිතුවා. කෂ්ටිය කීව විදිහට පළමු codes 4 ගින්නක් නැතිව වැඩලු.

ඒ කීවේ...,


network.http.pipelining - true

network.http.pipelining.maxrequests - 8

network.http.proxy.pipelining - true

network.dns.disableIPv6 - true


ඔන්න ඔය ටිකයි.

ඉතිරි ටික මේ විදිහට කරල බලන්නකෝ....
මගේ පහසුව සදහා ඉතිරි codes ටික කොටස් දෙකකට බෙදන් වැඩේ කරන්නම්.
ඉස්සෙල්ලම මෙන්න මේ codes 4 ඇතුළත් කරන හැටි කියන්නම්.


content.interrupt.parsing - true

content.notify.ontimer - true


content.interrupt.parsing - true


plugin.expose_full_path - true



මේ සදහා about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තු‍වේ "New" තෝරා "Boolean" යන්න ‍තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





එවිට "New boolean value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes 4, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි බුලියන් අගය "true" ලෙස සකසා "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)






දැන් ඉතිරි අනෙක් codes ටික ඇතුළත් කරන හැටි කියන්නම්.ඒ කීවේ මේ codes ටික...

content.max.tokenizing.time - 2250000

content.notify.interval - 750000

content.notify.backoffcount - 5

content.switch.threshold - 750000

nglayout.initialpaint.delay - 0

ui.submenuDelay - 0

browser.cache.memory.capacity - 65536




මේ සදහාත් පෙර පරිදිම about:config කවුළුවෙ හි ඕනෑ තැනක Right-click කරන්න.එවිට පෙන්වන ලැයිස්තු‍වේ "New" තෝරා,මෙවර "Integer" යන්න ‍තෝරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





එවිට "New integer value" යනුවෙන් ලැබෙන කුඩා කවුළුවෙහි ඉහත codes ටික, එකින් එක type කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





ඉන් පසු එම කවුළුව "Ok" කල විට ලැබෙන කවුළුවෙහි අගයන් ලෙස ඉහත දී ඇති අගයන් ඇතුළත් කර "Ok" කරන්න.(පහත රූපයේ දැක්වෙන පරිදි)





දැන් සේරම හරි.මේ විදිහට කරල බලන්න.අවුලක් ඇතත් නැතත් මෙහි අඩුපාඩු , යෝජනා, චෝදනා මට එවන්න.






දැන් හැමෝම වගේ භාවිතා කරන්නේ Firefox හන්ද හිතුනා Firefox වල වේගය පොඩ්ඩක් වැඩිකරගන්න විදිහ බ්ලොග් එක‍ට දාන්න ඕනි කියලා.මේක ටිකක් පරණ කතාවක් හන්ද දන්න අය ගොඩක් ඇති.ඒත් නොදන්න අයත් ඇතිනේ නේද?දන්න ඈයෝ හරි වැරදි හැදුවනම් පිළිවෙලයි...

මේහෙමයි කරන්නේ...

ඉස්සෙල්ලම Firefox වලින් නෙට් එකට ලොග් වෙලා (Home Page එක ඕනි එකක් තිබුනට කිසි අවුලක් නෑ)දැන් Address bar එකේ "about:config" කියලා type කරලා Enter කරන්න.

දැන් ආපු කවුළුවේ Filter bar එකේ පහත දැක්වෙන codes type කරන්න.එවිට එය පහත කවුළුවෙහි දිස්වේවි.දැන් ඊට අදාල අගයන් වෙනස් කිරීම සදහා "අගය" නැතිනම් "Value" කියා ඇති ස්ථානයේ දෙවරක් ක්ලික් කිරීමෙන් එහි අගය වෙනස් කල හැකිය.පහත දක්වා ඇත්තේ Filter bar type කලයුතු code එක සහ එහි අගය වෙනස් විය යුතු ආකාරයයි.



network.http.pipelining - true

network.http.pipelining.maxrequests - 8

network.http.proxy.pipelining - true

network.dns.disableIPv6 - true

content.interrupt.parsing - true

content.max.tokenizing.time - 2250000

content.notify.interval - 750000

content.notify.ontimer - true

content.notify.backoffcount - 5

content.interrupt.parsing - true

content.switch.threshold - 750000

nglayout.initialpaint.delay - 0

ui.submenuDelay - 0

plugin.expose_full_path - true

browser.cache.memory.capacity - 65536





මෙය මමත් කරල බලලා තමයි ඔයාලටත් කීවේ.ඇත්තටම පොඩි වෙනසක් තියෙනව.ඒ කිවේ වේගය වැඩිවීමක්.මේක නොදන්න අය කරල බලන්න.එතකොට නොදන්න අය වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.


මේ වීඩියෝ එක බලපුවහම කරන ඕක කරන විදිහ ගැන අවුලක් තියේනම් නැත්තටම නැතිවෙයි.





හැමදාමත් වගේ ඔබේ අදහස්, යෝජනා, චෝදනා මට එවන්න.




මොනවද අප්පේ මේ self-Extracting / Self-Installing package කියන්නේ?

ඒ කියන්නේ මේකයි..

ඔබගේ යම්කිසි files ටිකක් එකතුකර Zip file එකක් සාදා ගැනීම,කුඩා Setup file එකක් සාදාගැනීම පහසුවෙන් හා ඉක්මනින් සිදුකරගැනීම මේ හරහා කරගත හැකි කුඩා මෘදුකාංගයකි.මේ සදහා win zip, win rar,
Setup Maker, Setup Creator වැනි ‍මෘදුකාංග තිබුනද Windows සමග නොමිලේ ලැබෙන මෙම පහසුකම අගනා යැයි සිතේ.අනිත් එක නිකන් දෙනවනම් ඔන දෙයක් කියලා ගන්න පුරුද්ද අපට නැතුවමත් නොවේනෙ,නේද?


මේ සදහා ඔබේ පරිගණකයේ Run Panel එකට ගොස් (win key+R) එහි "iexpress" කියලා type කරන්න.දැන් "IExpress Wizard" කියල පොඩි කවුළුවක් විවෘත වේවි.


ඔබට මෙහිදී ඔබගේ files, output එක ලෙස තුන් ආකාරයකට සැදිය හැකිය.

එනම්..

ඔබගේ files, Extract files package එකක් ලෙස සාදා, ඊට අදාල මෘදුකාංග ද ඒ සමගම එකතුකල හැකිය.එවිට එම files package එක Extract කිරීමේදී එම මෘදුකාංගද පරිගණකයේ ස්ථාපනය වේ.

නැතිනම් ඔබගේ files, Extract files package එකක් ලෙස පමණක් සෑදීම සිදුකල හැකිය.

එසේත් නැතිනම් Compressed files package එකක් සැදීම පමණක් සිදුකලහැකිය.


පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මෙය සිදුකරන අයුරු තවත් පැහැදිලි කරගත හැකිය.





ඔබත් උත්සාහකර බලන්න.ඔ‍‍බේ අදහස්, ‍යෝජනා, ‍‍‍‍චෝදනා, ගැටලු අප ‍‍‍වෙත එවන්න.


පරිගණකයක USB Ports බ්ලොක් කරන්නේ ඇයි....????


පරිගණකයක‍ට Virus ඇතුලුවීමට බොහෝදුරට Pen Drives සම්බන්ධ කිරීම බලපායි.ඔබත් ඔබේ මිතුරන්ගේ Pen Drives ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමෙන්, ඔබේ පරිගණකය‍ට Virus ඇතුලුවී පරිගණකයකයට හානි සිදුවු අවස්ථා ඔබ අනන්තවත් අත්විද ඇති.මිතුරන්ගේ Pen Drives ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට ඔබ අකමැති වුවත්, ඔබේ මිතුරා ඔබ සමග අමනාප වේ යැයි සිතා එසේ කරනවා විය ‍හැකිය.මේ සදහා ඔබට ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කිරීම පහත පරිදි ඉතා පහසුවෙන් සිදුකල හැකිය.


පියවර 1:


ඔබේ පරිගණකයේ Run Panel එක විවෘත කරගන්න.
(windows key + R)


පියවර 2:


දැන් එහි "regedit" යනුවෙන් type කරන්න.එවිට "Registry Editor", යනුවෙන් කවුළුවක් විවෘතවේ.

පියවර 3:


දැන් එහි වම්පස කොටසේ "HKEY_LOCAL_MACHINE" යනුවෙන් ඇති ගොනුව මත
දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.



පියවර 4:

දැන් එහි "SYSTEM" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුවද දිග හැරේ.


පියවර 5:

දැන් එහි "CurrentControlSet" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.


පියවර 6:

දැන් එහි "Services" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.


පියවර 7:

දැන් එහි "USBSTOR" යනුවෙන් ඇති ගොනුව click කරන්න.එවි‍ට ඔබේ "Registry Editor" කවුළුවෙහි දකුණුපස කුඩා files කිහිපයක් විවෘත වේ.


පියවර 8:

දැන් එහි ඇති "Start" යනුවෙන් ඇති file එක මත එක්වරක් click කරන්න.එවිට එම registry file එක සලකුණු වී පවතී.දැන් ඔබේ "Registry Editor" කවුළුවෙහි ඉහල වම් කෙළවරේ ඇති "File" හී "Export.." තෝරන්න.එවි‍ට එම registry file එක ඔබේ පරිගණකයේ ඔබට අවැසි ස්ථානයක "USB-Enable" ලෙස Save කරන්න.(වෙනම Folder එකක නම් වඩාත් යෝග්‍යය වේ.)

පියවර 9:


දැන් ඔබ පෙර සලකුණු කරන ලද "Start" registry file එක මත දෙවරක් click කරන්න.එවි‍ට "Edit DWORD value" යනුවෙන් කුඩා කවුළුවක් විවෘතවේ.දැන් එහි "Value data" හී අගය ලෙස ඇති "3" වෙනුවට "4" ‍යොදා "OK" කරන්න.

පියවර 10:

දැන් ඔබ අගය වෙනස් කරන ලද "Start" registry file එක සලකුණුකර,එයද පෙර පරිදි(පියවර 8 හී පරිදි) "USB-Disable" ලෙස Save කරන්න.(registry file දෙකම එකම ස්ථානයේ Save කරගැනීම ඔබ‍ට වඩාත් පහසුවේ.)දැන් ඔබ විවෘත කරගත් සියළු කවුළු ‍වසාදමන්න.


පියවර 11:

දැන් ඔබ Save කරගත් registry files ඇති Folder එක තුලට ගොස්, ඔබ "USB-Disable" ලෙස Save කරගත් registry file එක click කරන්න.එවිට අසන පැනයට "Yes" click කර ඉන්පසු පෙන්වන කවුළුව "Ok" කරන්න.

දැන් ඔබ ඔබේ Pen Drive එක, ඔබේ පරිගණකයේ USB Ports වලට සම්බන්ධකර බලන්න.ඔබේ Pen Drive එක,ඔබේ පරිගණකයේ USB Ports වලට සම්බන්ධකල නොහැකි බව ‍හගවමින් කුඩා ශබ්දයක් ඇතිකරයි.එසේ සිදුවන්නේ ඔබ ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කර ඇති නිසා වේ.

එය නැවත සකසා ගැනීමට ඔබ "USB-Enable" ලෙස Save කරගත් registry file එක click කරන්න.එවිටද අසන පැනයට "Yes" click කර ඉන්පසු පෙන්වන කවුළුව "Ok" කරන්න.දැන් පෙර පරිදි ඔබේ පරිගණකය‍ට USB Drives සම්බන්ධ කලහැකිය.

දැන් ඔබ‍ට අවැසි විට ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කිරීම‍ටත්, එය ඉවත් කිරීමටත් හැකිය.මේ සදහා ඔබේ නිර්මාණත්මක හැකියාව යොදා ගනිමින් VB, Flash වැනි මෘදුකාංග භාවිතාකර මෙය ඔබේ භාවිතයට පහසුවන පරිදි කුඩා මෘදුකාංගයක් ඔබම සාදාගන්න.




අත්හදා බලා ඔ‍‍බේ අදහස්, ‍යෝජනා, ‍‍‍‍චෝදනා, ගැටලු අප ‍‍‍වෙත එවන්න.


මොනවද ‍‍‍මේ Autorun CDs / DVDs කියන්‍‍නේ...???


ස්වයං ‍‍ලෙස ආරම්භවීමට සකසන ලද CD හෝ DVD, Autorun CD/DVD ලෙස හදුන්වයි.‍‍මෙමගින් ඔබට exe setup, Flash, PDF, HTML, vedios, Text වැනි File වර්ග ආරම්භවීමට සැලැස්විය හැකිය.

‍‍‍මේ සදහා අන්තර්ජාල‍‍‍යේ බොහෝ මෘදුකාංග ‍‍‍‍‍‍‍‍ඇත.
ඒ අතරින්

1st Autorun Express
Autorun pro
Autorun Creator
AutoRun Wizard
CD Autostart Creator

මුල් තැනක් ගනී.නමුත් එය අපිටම ඉතා ඉක්මනින් ‍‍හා පහසු‍‍වෙන් සාදා ගත හැකිය.

පහත පියවර අනුගමනය කිරී‍‍‍‍මෙන් එය සාදා ගත හැකිය.



‍‍‍‍‍
1 පියවර :

ඔ‍‍‍‍‍බේ පරිගණක‍‍‍යේ Notepad විවෘත කරගන්න.

‍‍‍‍‍
2 පියවර :


එහි පහත ආකාරයට ‍‍ටයිප් කරන්න.

[autorun]
Open=program.exe



‍‍‍‍
මෙහිදී "Open=" යනු‍‍වෙ න් ටයිප්කර ඔබට ආරම්භවීමට අවශ්‍ය file හි නම හිස්තැන් ‍‍‍නොමැතිව, එම file එ‍කෙහි extention එකත් සමග ‍‍‍ටයිප්කරන්න.

උදා‍‍‍‍‍‍:

Open=MyCreation.exe

Open=MyCreation.pdf

Open=MyCreation.mpeg

Open=MyCreation.txt




ඔබ‍‍ට CD-ROM එක සදහා Icon එකක් ලබා දීම‍ට අවශ්‍ය නම් පහත ආකාරයට ‍‍ටයිප් කරන්න.

[autorun]
Open=programe.exe
Icon=myicon.ico


‍‍‍මෙහිදී ඔබට Icon එකකුත් ඇතුළත් කිරීම‍‍ට සිදු‍‍වේ.එ‍‍සේ ත් ‍නො මැතිනම් ඔබ ආරම්භවීමට සලස්වා ඇති ‍‍file හි Icon ම ලබාදීම‍‍ට අවැසිනම් පහත ආකාරයට ‍‍ටයිප් කරන්න.


[autorun]
open=programe.exe
icon=programe.exe,0


තවද ඔබට CD එක තුල ඇති file එකක් ‍මෙලෙස ආරම්භවීමට අවශ්‍ය නම් පහත ආකාරයට ‍‍ටයිප් කරන්න.


[autorun]
Open=FolderName\programe.exe
Icon=myicon.ico




‍‍‍‍‍
3 පියවර :

ඉහත පරිදි ඔබ‍‍ට අවශ්‍ය ආකාරයට Notepad තුල ඔබ ටයිප්කර, එය පහත ‍‍පරිදි Save කරන්න.


Autorun.inf


4 පියවර :

දැන් ඔබ සාදාගත් Autorun.inf file එකත් ඊට Icon එකක් ඇත්නම් එයද සමග ඔ‍බේ අ‍‍නෙකුත් files, CD එකකට Burn කරන්න.දැන් ඔබ ඔ‍‍‍‍බේම Autorun CD/DVD එක සාදා‍‍‍‍ගෙන අවසන්ය.


ඉහත ක්‍රියාවලිය සිදුකරන අයුරු පහත විඩියෝවෙන් නරඹන්න.





අත්හදා බලා ඔ‍‍බේ අදහස්, ‍යෝජනා, ‍‍‍‍චෝදනා, ගැටලු අප ‍‍‍වෙත එවන්න.


පරිගණක ‍‍තාක්ෂණික ‍‍‍‍‍තොරතුරු, පරිගණක රහස්, ජංගම දුරකථන තොරතුරු, ජංගම දුරකථන රහස්, අලුත් මෘදුකාංග ඇතුලු තවත් අලුත් ‍‍‍‍‍‍‍‍බොහෝදේ මෙම නව බ්ලෝග් අඩවිය තුලින් ඉදිරියේදී ගෙන ඒමට සුදානම් කර ඇත.

ඔබට‍ දැන ගැනීමට අවශ්‍ය ‍තොරතුරු තාක්ෂණික ප්‍රශ්න යන hasiboy8@yahoo.com විද්‍යුත් ලිපිනයට එවන්න. ඉක්මනින්ම මෙම බිලොග් අඩවිය තුලින් ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු අප‍ ඔබ වෙතට රැගෙන එනු ඇත.



Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.