පරිගණකයක USB Ports බ්ලොක් කරන්නේ ඇයි....????


පරිගණකයක‍ට Virus ඇතුලුවීමට බොහෝදුරට Pen Drives සම්බන්ධ කිරීම බලපායි.ඔබත් ඔබේ මිතුරන්ගේ Pen Drives ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමෙන්, ඔබේ පරිගණකය‍ට Virus ඇතුලුවී පරිගණකයකයට හානි සිදුවු අවස්ථා ඔබ අනන්තවත් අත්විද ඇති.මිතුරන්ගේ Pen Drives ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට ඔබ අකමැති වුවත්, ඔබේ මිතුරා ඔබ සමග අමනාප වේ යැයි සිතා එසේ කරනවා විය ‍හැකිය.මේ සදහා ඔබට ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කිරීම පහත පරිදි ඉතා පහසුවෙන් සිදුකල හැකිය.


පියවර 1:


ඔබේ පරිගණකයේ Run Panel එක විවෘත කරගන්න.
(windows key + R)


පියවර 2:


දැන් එහි "regedit" යනුවෙන් type කරන්න.එවිට "Registry Editor", යනුවෙන් කවුළුවක් විවෘතවේ.

පියවර 3:


දැන් එහි වම්පස කොටසේ "HKEY_LOCAL_MACHINE" යනුවෙන් ඇති ගොනුව මත
දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.



පියවර 4:

දැන් එහි "SYSTEM" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුවද දිග හැරේ.


පියවර 5:

දැන් එහි "CurrentControlSet" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.


පියවර 6:

දැන් එහි "Services" යනුවෙන් ඇති ගොනුව මත දෙවරක් click කරන්න.එවි‍ට එම ගොනුව දිග හැරේ.


පියවර 7:

දැන් එහි "USBSTOR" යනුවෙන් ඇති ගොනුව click කරන්න.එවි‍ට ඔබේ "Registry Editor" කවුළුවෙහි දකුණුපස කුඩා files කිහිපයක් විවෘත වේ.


පියවර 8:

දැන් එහි ඇති "Start" යනුවෙන් ඇති file එක මත එක්වරක් click කරන්න.එවිට එම registry file එක සලකුණු වී පවතී.දැන් ඔබේ "Registry Editor" කවුළුවෙහි ඉහල වම් කෙළවරේ ඇති "File" හී "Export.." තෝරන්න.එවි‍ට එම registry file එක ඔබේ පරිගණකයේ ඔබට අවැසි ස්ථානයක "USB-Enable" ලෙස Save කරන්න.(වෙනම Folder එකක නම් වඩාත් යෝග්‍යය වේ.)

පියවර 9:


දැන් ඔබ පෙර සලකුණු කරන ලද "Start" registry file එක මත දෙවරක් click කරන්න.එවි‍ට "Edit DWORD value" යනුවෙන් කුඩා කවුළුවක් විවෘතවේ.දැන් එහි "Value data" හී අගය ලෙස ඇති "3" වෙනුවට "4" ‍යොදා "OK" කරන්න.

පියවර 10:

දැන් ඔබ අගය වෙනස් කරන ලද "Start" registry file එක සලකුණුකර,එයද පෙර පරිදි(පියවර 8 හී පරිදි) "USB-Disable" ලෙස Save කරන්න.(registry file දෙකම එකම ස්ථානයේ Save කරගැනීම ඔබ‍ට වඩාත් පහසුවේ.)දැන් ඔබ විවෘත කරගත් සියළු කවුළු ‍වසාදමන්න.


පියවර 11:

දැන් ඔබ Save කරගත් registry files ඇති Folder එක තුලට ගොස්, ඔබ "USB-Disable" ලෙස Save කරගත් registry file එක click කරන්න.එවිට අසන පැනයට "Yes" click කර ඉන්පසු පෙන්වන කවුළුව "Ok" කරන්න.

දැන් ඔබ ඔබේ Pen Drive එක, ඔබේ පරිගණකයේ USB Ports වලට සම්බන්ධකර බලන්න.ඔබේ Pen Drive එක,ඔබේ පරිගණකයේ USB Ports වලට සම්බන්ධකල නොහැකි බව ‍හගවමින් කුඩා ශබ්දයක් ඇතිකරයි.එසේ සිදුවන්නේ ඔබ ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කර ඇති නිසා වේ.

එය නැවත සකසා ගැනීමට ඔබ "USB-Enable" ලෙස Save කරගත් registry file එක click කරන්න.එවිටද අසන පැනයට "Yes" click කර ඉන්පසු පෙන්වන කවුළුව "Ok" කරන්න.දැන් පෙර පරිදි ඔබේ පරිගණකය‍ට USB Drives සම්බන්ධ කලහැකිය.

දැන් ඔබ‍ට අවැසි විට ඔබේ පරිගණකයේ USB Ports බ්ලොක් කිරීම‍ටත්, එය ඉවත් කිරීමටත් හැකිය.මේ සදහා ඔබේ නිර්මාණත්මක හැකියාව යොදා ගනිමින් VB, Flash වැනි මෘදුකාංග භාවිතාකර මෙය ඔබේ භාවිතයට පහසුවන පරිදි කුඩා මෘදුකාංගයක් ඔබම සාදාගන්න.




අත්හදා බලා ඔ‍‍බේ අදහස්, ‍යෝජනා, ‍‍‍‍චෝදනා, ගැටලු අප ‍‍‍වෙත එවන්න.

8 comments:

ෂා!
නියමයි.

April 12, 2009 at 2:56 PM  

වැදගත් ලිපියක්. එක එක software වලට වියදම් නොකර මේ වගේ registry hack එකකින් වැඩේ කරගන්න පුළුවන් එක ගොඩක් හොඳයි.

April 12, 2009 at 3:19 PM  

එළ..ප්‍රයෝජනවත් ලිපියක්..

April 12, 2009 at 3:44 PM  

ශාකුන්තල නම් කොහොමත් හැක් කරන ඒවට කැමතියි.

වින්ඩෝස් වල ගොඩක් දේවල් මේ registry එකෙන් වෙනස් කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට වයිරස් කරන්නේ මේ රෙජිස්ට්‍රි එක වෙනස් කරන එක. ඔය කරපු එක VB Script එකකින් කරා නම් මැසේජ් බොක්ස් එන්නැති වෙන්න වැඩේ කරන්න පුලුවන්. උත්සහ කරල බලන්න. මාත් ඉන්‍ටනෙට් එකෙන් බලල තමයි කලේ

April 12, 2009 at 7:37 PM  

මේක ගොඩක් හොද දෙයක් මට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනාග ස්තුතියි ඔයාලට
ඒ වගේම තවත් මේ වගේ රෙජිස්ටරිය එඩිට් කරන වැඩ කරල පෙන්වන්න.
ස්තූතියි

සමන් විතානගේ

April 12, 2009 at 8:51 PM  
Anonymous said...

නියමයි........කියන්න වචන නෑ....
අහන්නත් දෙයක්ද BEST...
Gud Luck...........

April 13, 2009 at 11:18 AM  
Kasun Fdo said...
Anonymous said...

කාලෝචිත ලිපියක්............. ගොඩක් හොඳයි. ඉස්සරහටත් කරගෙන යමු.Best of Luck

April 17, 2009 at 4:05 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.