ඔබටත් Account password අමතක වෙනවද?


මේ ඔය කෂ්ටියටත් නිතරම තමන්ගේ User Account එකේ password අමතක වෙනවද?
මේ මගේ යාළු බුවෙක් ඉන්නවා.ඒකට හැමදාම User Account එකේ password අමතක වෙනව.දහ පාරක් විතර ට්‍රයි කරල තමයි ඒකගේ account එකට රිංගන්නේ.
ඔය කෂ්ටියටත් ඔය ලෙඩේ තියෙනවනම් පොඩි බේතක් කියාදෙන්නම්.හෆෝයි මුණු ඇඹුල් කරගත්ත නේද කෂ්ටියම ඒපාර.නෑ නෑ මේක බේතක් කිව්වට තිත්ත නෑ.අනිත් එක බොන බේතක් නෙමෙයි.මේක ඇත්තටම පුංචිම පුංචි Windows Trick එකක්.මේකට අමතර Software එකක් ඕනි නෑ.කෙළින්ම කියනවනම් මේකෙදි කරන්නේ ඔබේ User Account එකේ password එක Backup file එකක් විදිහට, ඔබේ Removable Disk එකට ගෙන ඔබට User Account එකේ password අමතකවු විටෙක එම Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කිරීමයි.

කතා මෙකටද තව වැඩේට බහිමුකෝ.ඔන්න ඔයාලගේ පහසුව වෙනුවෙන් සිදුකරන පියවරයන්ට අදාලව ඊට පහතින් Print Screens ඉදිරිපත්කරල තියෙනවා.


ඉස්සෙල්ලම ඔබේ පරිගණකයේ "User Accounts" වෙත යන්න.
(Start-->Control Panel-->User Accounts)

දැන් විවෘත වු කවුළුවේහි ඔබේ account එක තුලට යන්න.
එවිට විවෘත වන කවුළුවෙහි වම් පස "Related Tasks" යන්නෙහි "Prevent a forgotten password" යන්න තෝරන්න.




දැන් විවෘත වන කුඩා කවුළුවෙන් Next යන්න.



දැන් ඔබේ User Account එකේ password එක Backup කරන්න ඕනි Removable Disk එක තෝරාදෙන්න.



දැන් Next ගියවිට ලැබෙන කවුළුවෙහි ඔබේ User Account එකේ password එක දෙන්න.



දැන් Next ගියවිට පහත රූපයේ ආකාරයෙන් ඔබේ පරිගණකය මගින් ඔබ තෝරාදුන් Removable Disk තුළ User Account එකේ password එක Backup කරගනු ලැබේ.



හම් දැන් සේරම හරි.

ඔබේ User Account password එක අමතක අවස්ථාවක පහත රූපයේ ඇතිපරිදි "use your password reset disk" යන්න තෝරා,
ඔබ Removable Disk එකට save කරගත් Backup file එක භාවිතාකර ඔබේ User Account එකේ password එක වෙනස් කලහැකිය.



ඔය පහළ තියෙන්නේ සැදෙන Backup file එක.




හැබැයි ඉතිං ඔය හදපු Backup file එක වෙනකෙනෙක්ගෙන් ආරක්ෂාකිරීම, Delete නොකර තියාගැනීම ඔයාලට අයිති වැඩක් ඔන්න.

4 comments:

Kanishka said...

නරකම නෑ වැඩේ.. හැබැයි හරි කොම්පියුටර් කාරයෙක්ට කවදාවත් තමන් දාපු password එකක් අමතක වෙන්න බෑ..

May 27, 2009 at 11:58 PM  
GNS said...

මටත් ඔය ලෙඩේ තියෙනවා. හැබැයි ප්‍රඹාන එව්වට නෙමෙයි. වැඩිය ලොග් වෙන්නෙ නැති web sites වලට (එක පාරක් ගිහින් register වෙලා විතරක් එන අඩවි ;) )...
ඒකට බේතක් නැද්ද? :/

ප.ලි. : මම කියන්න කියල හිටියෙ, මේකෙ Type කරන්න පට්ට අමාරුයිනේ :(

May 28, 2009 at 5:32 AM  
Indranama said...

@ගයන්ත
KeyPass (www.keypass.info) පාවිච්චි කරල බලන්න.

May 28, 2009 at 7:04 AM  
Indranama said...

ඉහත ප්‍රතිචාරයේ ලින්ක් එක http://keepass.info/ ලෙ වෙනස් විය යුතුය.

May 28, 2009 at 6:31 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.