ඔබ අපට සදා විරුවන්ය......


දැන් අපේ මව් භූමිය කොටියාගෙන් බේරාගෙන අවසන්ය.අපේ රටේ ඒකීය බාවය සුරකින්නට තම ජීවිතය,තම නෑදෑ හිතමිතුරන් ගැනවත් නොසිතා ඇප කැපවී සටන් වැදුනු අපේ වීරෝධාර රණවිරුවන්ට හිසනවා මාගේ ප්‍රණාමය පුද කරමි.එමෙන්ම දශක තුනක් මුළුල්ලේ මෙම මෙහෙයුමට එකතු වී දිවිපිදු ඒ අභීත රණවිරුවන්ට නිවන් සුවය පතමි.අද මට මෙම බ්ලොග් සටහන නිවීසැනසිල්ලේ ලිවීමට හැකි වුයේ මේ වීරෝධාර රණවිරුවන් නිසාය.එමෙන්ම කොටියා නැත්තටම නැතිකිරීමට අවංකවම දායකවු අභීත සේනාධිනායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියළුම නිළධාරීන්ට මාගේ ප්‍රණාමය පුදකිරීමට කිසිවිටෙකත් පසුබට නොවෙමි.



අවංකවම මම දේශපාලනයට කැමති නැත.මාගේ බ්ලොග් සටහනක් හරහා කිසියම් දේශපාලන පක්ෂයක් ඒ වගේම චරිතයක් උළුප්පා දැක්වීමට මා අකමැතිය.නමුත් අදවන් දවසක අපේ මාතෘභූමිය කොටින්ගෙන් බේරාගත් ඒ අමරණීය චරිත වලට මාගේ ප්‍රණාමය පුද නොකිරීමට තරම් පහත් කෙනෙක් නොවෙමි.මන්ද මමත් මේ උතුම් මව් බිමේ උපන් කෙනෙක් නිසාවෙනි.



අවසාන වශයෙන් මට කියන්න ඇත්තේ, අද අපේ වීරෝධාර රණවිරුවන් අපේ මාතෘභූමියට හිමිකරදුන් මේ විජයග්‍රහණය සදාකල් එලෙසින්ම රදවාගැනීමට නම් අපි අපේ සහෝදර දමිළ ජනතාවටත් මේ රටේ සමතැන ලබාදිය යුතු බවය.





0 comments:

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.