PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?


ලබන සතියේ අපේ Class එකේ Presentations.තව අල්ලලාවත් නෑ ඉතිං.හැට පැන්නත් වදුරා බිමින් යන්නෑ වගේ මමත් මළාට Presentation එකක් PowerPoint වල හදන්නෑනේ.Flash තමා ඉතිං....

PowerPoint Presentation එකක් Flash වලට ගන්න බැරිද?
මගෙන් කීප දෙනෙක්ම අහපු ප්‍රශ්නයක් තමයි ඕක.
පුළුවන්නේ ඉතිං.අයියෝ කොච්චර ලේසිද.හැබැයි මම වැඩ්ඩා වගේ ටෝක් කලාට මේකට ‍පොඩි Software කෑල්ලක් ඕනි.නම තමයි "iSpring" .කියල වැඩක් නෑ එළ Software එක.මේ "iSpring" , PowerPoint 2000/XP/2003/2007 වල එළට වැඩ.

මේ "iSpring" ඔබේ පරිගණකයේ ස්ථාපනය කල විට එය ඔබගේ PowerPoint හී වෙනමම ටැබයක් ලෙස පෙන්නනවා.

PowerPoint 2007 වල පෙන්වන්නේ මෙහෙමයි.




මෙහිදී ලැබෙන්නේ .swf file එකක්.එනම් Flash Movie එකක්.ඕක Flash වලින් තවත් වැඩ දාන්නත් බැරිකමක් නෑ.
එහෙමත් නැතිනම් .exe එකක් කරගන්නත් පුළුවන්.

ඒකට "iSpring" මගින් සෑදුනු *.swf file එක Run කර පහත රූපයේ පරිදි
File --> Create Projector තොරන්න.



වැඩේ නියමයි.පිළිවෙලයි.කරලම බලන්න‍කෝ.
අහ්..මේ වෙනදා වගේම අදහස් යෝජනා එවන්න අමතක කරන්න එපා හොදේ.

<< "iSpring" බාගන්න මෙතන කොටන්න >>

3 comments:

Kanishka said...

ඔක්කොමත් හරි FLASH බැරි එක තමයි අවුල :D :D :D

May 23, 2009 at 6:41 PM  

අපෝ FLASH දැනීම පොඩ්ඩක්වත් ඔනී නැ.ඒ හන්දමයි මේ ලිපිය දැම්මේ.කරල බලන්නකෝ...

May 23, 2009 at 6:48 PM  

එල එල.....
තෑන්ක්ස් කිව්වා..........

June 19, 2009 at 8:46 PM  

Post a Comment

කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් අපි සතුටින් බාරගන්නවා...
කෝකටත් දාපු කමෙන්ට් එක මම බලලම බ්ලොග් එකට දාන්නම්කෝ.තරහ වෙන්නෙපා.එහෙම කරන්නේ කාගෙත් හොදටනේ....

Google PageRank එක බලාගන්න මෙතනින්.....

ආරම්භය 05/04/2009
සියළුම හිමිකම් ඇවිරිණි.
අයිතිය HASI BOY CRAETIONS සතුය.